Posts

Showing posts from May, 2023

GESS - Global English for Speakers of Singhalese (සිංහල කථාකරන අයට ඉංග්‍රීසි) - Introduction (හැඳින්වීම)

Image
SUCCESS IS A JOURNEY, NOT A DESTINATION. සාර්ථකත්වය ගමනාන්තයක් නොව ගමනකි. සුද්දෙක් වගේ ඉංග්‍රීසි කථාකරන්න ඉගෙනගන්නේ කොහොමද?  How to learn to speak English like a native ඉංග්‍රීසි ඉගෙන්ගන්න පටන්ගන්න කලින් හරියට දැනගමු. අපි හැමෝම කැමතියි ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වෙන්න . ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වීම යන්නෙන් අදහස්වන්නේ නිවැරදිව ඉංග්‍රීසි බසින් අදහස් හුවමාරුකරගැනීමට හැකිවීමයි . මේ සඳහා ඔබට හොඳ භාෂා දැනුමක් (knowledge) මෙන්ම ඉහල කුසලතාවන්ද (skills) තිබිය යුතුයි . භාෂා දැනුම යනු වචන දැනුම (vocabulary) හා ව්‍යාකරණ දැනුමයි (grammar) . කුසලතා (skills) යනු සන්නිවේදනයට ( අදහස් හුවමාරුවට ) භාෂාව භාවිතා කිරීමට ඇති හැකියාවයි . මෙයට අදහස් ප්‍රකාශකිරීම (production) හා අදහස් අවබෝධ කරගැනීම (reception / comprehension) ඇතුලත් . අදහස් ප්‍රකාශකිරීම කථනය (speaking) හා ලිවීම (writing) තුලින් සිදුවන අතර අදහස් අවබෝධකර ගැනීම කියවීම (reading) හා ශ්‍රවණය (listening) තුලින් සිදුවේ . ඉගෙනීම තුලින් භාෂා දැනුම ලබාගත හැකි වුවද භාෂා කුසලත...