GESS - Global English for Speakers of Singhalese (සිංහල කථාකරන අයට ඉංග්‍රීසි) - Introduction (හැඳින්වීම)

SUCCESS IS A JOURNEY, NOT A DESTINATION.
සාර්ථකත්වය ගමනාන්තයක් නොව ගමනකි.


සුද්දෙක් වගේ ඉංග්‍රීසි කථාකරන්න ඉගෙනගන්නේ කොහොමද? 
How to learn to speak English like a native


ඉංග්‍රීසි ඉගෙන්ගන්න පටන්ගන්න කලින් හරියට දැනගමු.

අපි හැමෝම කැමතියි ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වෙන්න. ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වීම යන්නෙන් අදහස්වන්නේ නිවැරදිව ඉංග්‍රීසි බසින් අදහස් හුවමාරුකරගැනීමට හැකිවීමයි.

මේ සඳහා ඔබට හොඳ භාෂා දැනුමක් (knowledge) මෙන්ම ඉහල කුසලතාවන්ද (skills) තිබිය යුතුයි. භාෂා දැනුම යනු වචන දැනුම (vocabulary) හා ව්‍යාකරණ දැනුමයි (grammar). කුසලතා (skills) යනු සන්නිවේදනයට (අදහස් හුවමාරුවට) භාෂාව භාවිතා කිරීමට ඇති හැකියාවයි. මෙයට අදහස් ප්‍රකාශකිරීම (production) හා අදහස් අවබෝධ කරගැනීම (reception / comprehension) ඇතුලත්. අදහස් ප්‍රකාශකිරීම කථනය (speaking) හා ලිවීම (writing) තුලින් සිදුවන අතර අදහස් අවබෝධකර ගැනීම කියවීම (reading) හා ශ්‍රවණය (listening) තුලින් සිදුවේ. ඉගෙනීම තුලින් භාෂා දැනුම ලබාගත හැකි වුවද භාෂා කුසලතා සංවර්ධනය කරගත හැක්කේ පුහුණුව තුලින් පමණි.

මෙහිදී ඔබ භාවිතාකරන ඉංග්‍රීසි කොතරම් දුරට නිවැරදිද යන්න තීරණය වන්නේ එය ස්වදේශික ඉංග්‍රීසි කථාකරන්නෙක්ගේ (a native speaker of English) නැතහොත් සුද්දෙක්ගේ ඉංග්‍රීසි වලට කොතරම් දුරට ආසන්නද කියන එක මතයි. අදහස් ප්‍රකාශකිරීමට ඔබ පාවිච්චිකරන වචන, යෙදුම්, වාක්‍ය රටා මෙන්ම උච්චාරණයද ඔබ භාවිතාකරන ඉංග්‍රීසියේ ගුණත්වය පෙන්වයි.

ස්වදේශික ඉංග්‍රීසි කථිකයෙක් මට්ටමට ඉංග්‍රීසි බස හැසිරවීමට කෙනෙක්ව පුහුණුකරන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමය වෙනත් භාෂාවන් කථාකරන අය සඳහා ඉංග්‍රීසි (English for Speakers of Other Languages - ESOL) ලෙස හඳුන්වනවා. මෙහිදී නිවැරදි ඉගෙනීමක් තුලින් ඉංග්‍රීසි වචන හා ව්‍යාකරණ දැනුම වර්ධනය කරන අතර විධිමත් පුහුණුවක් තුලින් කථනය, ලිවීම, කියවීම හා ශ්‍රවණය යන චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය කරනවා. මෙම ක්‍රමවේදය ඔස්සේ මුලසිට සරලව විධිමත්ව ආරම්භකර චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරවන්නෙක් වීම සඳහා ක්‍රමයෙන් උසස් වන මට්ටම් 07 ක් හඳුන්වාදී ඇත.

  • Beginner’s Level - ආරම්භක මට්ටම 
  • Elementary Level - මුල් ව්‍යවහාර මට්ටම 
  • Pre-intermediate Level - පූර්ව අන්තර්මාධ්‍ය මට්ටම
  • Intermediate Level - අන්තර්මාධ්‍ය මට්ටම
  • Upper-intermediate Level - ඉහල අන්තර්මාධ්‍ය මට්ටම
  • Advanced Level - උසස් මට්ටම 
  • Proficiency Level - ප්‍රවීන මට්ටම

ස්වදේශිකයෙක් ලෙස ඉංග්‍රීසි බස හසුරවන්න ඔබට හුරුකරවන පාඨමාලා නිර්මාණයකරන ආයතන (ESOL publishers) ගණනාවක් ලොව පුරා ඇත. අතරින් Cambridge University Press, Oxford University Press, Macmillan Education, Longman, Pearson හා McGraw Hill ප්‍රධාන වේ. එලෙසම මෙම ආයතන මගින් ප්‍රකාශයට පත්කල පාඨමාලා (ESOL courses) ගණනාවක් ලොව පුරා ජනප්‍රිය වී ඇත. මේ අතරින් කිහිපයකි.

  • Meanings into Words (Cambridge)    
  • New Headway English (Oxford)
  • Straightforward (Macmillan)
  • New Cutting Edge (Longman)
  • New English File (Oxford)

ජාත්‍යන්තර භාෂාවක් භාවිතාකිරීමට යමෙකුට තියෙන හැකියාව නිරූපණය කිරීමට ජාත්‍යන්තරව පිළිගන්නා මට්ට්ම 6 ක් CEFR (Common European Framework) ලෙස සකස්කර ඇත. ඒයට අනුව A1, A2 ලෙස මූලික අවධි 02 ක්ද, B1, B2 ලෙස ස්වාධීන අවධි 02 ක්ද C1, C2 ලෙස උසස් අවධි 2 ක් ඇත. B1 අවධිය තරමක් පුළුල් බැවින් එහි B1+ නම් වූ ඉහල අවධියක්ද ඇත

  • A1 – Beginner / Starter Level
  • A2 – Elementary Level
  • B1 – Pre-intermediate Level (4.0 – 4.5)
  • B1+ – Intermediate Level (4.5 – 5.5)
  • B2 – Upper-intermediate Level (5.5 – 6.5)
  • C1 – Advanced Level (6.5 – 7.5)
  • C2 – Proficiency Level (7.5 – 8.5)

ඔබට ලොව පිලිගත් ඉංග්‍රීසි භාවිතාකරන්නෙක් වීමට අවශ්‍ය නම් හෝ IELTS, PTE වැනි ජාත්‍යන්තර පරීක්ෂණ වලින් තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම ක්‍රමය ඔස්සේ ඉංග්‍රීසි බස ප්‍රගුණකල යුතුය. (IELTS – International English Language Testing System යනු සියළු ප්‍රවීනතා මට්ටම් ඇතුලත් Cambridge ESOL පරීක්ෂණය වන අතර PTE – Pearson Test of English යනු එම ආකාරයේ Pearson පරීක්ෂණයයි. (IELTS - International English Language Testing System is the Cambridge multilevel ESOL test while PTE - Pearson Test of English is that of Pearson Education.)



මෙම ESOL (English for Speakers of Other Languages - වෙනත් භාෂාවක් කථාකරන අය සඳහා ඉංග්‍රීසි) ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව දෙවන හා තුන්වන මට්ටම් (A2, B1 – Elementary / Pre-intermediate) ආවරණය කිරීමට සිංහල කථාකරන වැඩිහිටි සිසුන් සඳහා ඉතා විශේෂ වැඩසටහනක් අප විසින් නිර්මාණයකර ඇත. මෙය GESS (Global English for Speakers of Singhalese - සිංහල කථාකරන අය සඳහා ගෝලීය ඉංග්‍රීසි) ලෙස හැඳින්වෙන අතර මගින් මුල සිට සරලව සිංහලෙන් ප්‍රකාශකරන ප්‍රායෝගික අදහස් සියල්ලම නිවැරදි ඉංග්‍රීසියෙන් ප්‍රකාශකිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදේ. මෙය සංසන්දනාත්මක ක්‍රමවේදය (contrastive methodology) යොදාගන්න වාග්විද්‍යාත්මක ශිල්පීය ක්‍රමයකි (linguistic technique).

මෙම විශේෂ ක්‍රමවේදයට අනුව මුලින්ම කරනු ලබන්නේ ඉංග්‍රීසි ඉගෙනීම කෙරෙහි ඇති සිසු ආකල්පය  වෙනස්කිරීමයි. එනම් ඉංග්‍රීසි විෂයක් ලෙස නොව ප්‍රායෝගික අදහස් හුවමාරුව සඳහා වන ක්‍රමයක් ලෙස දැකීමට හුරුකරවීමයි (VETCOM - Viewing English as a Tool for Communication). මෙහිදී එදිනෙදා හුවමාරු වන විවිධ අර්ථ ප්‍රකාශකිරීම සඳහා වන ඉංග්‍රීසි භාෂාවේ වචන රටා ගොඩනැගෙන ආකාරය උච්චාරණ විලාසයන් සමඟින් භාවිතාකිරීමේ හුරුව සිසුන්ට ලබාදේ.

පහත අදහස්/අර්ථ සැලකිල්ලෙන් අධ්‍යයනය කරන්න.

  • ඉතිං කොහොමද? (ආචාර කරන ක්‍රමයක්)
  • ගිහිං එන්නං. (සමුගැනීමේ ක්‍රමයක්)
  • මම දවල්ට කාලා අතගත්තා විතරයි. (මේ මොහොතේ අවසන්කල ක්‍රියාවක්)
  • මම මේ දවස්වල හොඳ ඉංග්‍රීසි පන්තියක් හොයනවා. (කෙටි කාලීන ක්‍රියාවක්)
  • මම මුද්දර එකතුකරන්නේ මම පොඩිකාලේ ඉඳන්. (අතීතයේ සිට මේ දක්වා පැවතුනු ක්‍රියාවක්)
  • මම ඉස්සර හරක් මස් කෑවා. (අතීතයේ සාමාන්‍යයෙන් කල දෙයක්)

 

ඊලඟට, අපි එදිනෙදා හුවමාරුකරගන්නා විවිධ අදහස් ප්‍රකාශකරන ඉංග්‍රීසි රටා ඉගෙනගත යුතුයි. ඒ තුල ඉංග්‍රීසි භාෂා ව්‍යුහය ක්‍රමාණුකූලව හඳුනාගත යුතුයි. (Let yourself feel the structure of English.) පහත අදහස් ප්‍රකාශකිරීමේ රටා ඔබ නොදන්නේ නම් ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුතුය. 

  • මම එන්නේ කඩවතින්. – I come from Kadawatha.
  • මට හුරුයි වේලාසනින් අවදිවෙන එක. – I’m used to waking up early.
  • මම මේ සතියේ වැඩට යන්නේ පයින්. – I’m walking to work this week.
  • ඔයා දැන්ද ආවේ. – Have you just come?
  • මට මේ විෂය එපා වීගෙන එන්නේ. – I’m getting sick of this subject.
  • මම සමහර වෙලාවට බැනුම් අහනවා ඕනෑවට වඩා නිදියාගන්නවට. – I sometimes get shouted at for sleeping too much.
  • ඔයාට ෂුව එකටම වැඩිපුර නින්ද යන්න ඇති. – You must have overslept.
  • කාගෙද මේ කොටකලිසම? – Whose are these shorts?
  • මම ඔයාට අවවාදයක් දෙන්නද? – Let me give you a piece of advice?
  • මොනවද තාත්තා හොයන්නේ? – What’s father looking for?
  • ඔයා හැමදාම මහත් වෙනවා. – You’re putting on weight every day?
  • මගේ එක ඔයාගේ එක වගේ දෙගුණයක් ලොකුයි. – Mine is twice as big as yours.
  • මම අවතාරයක් දැක්කොත් මම දුවනවා. – If I saw a ghost, I would run away.
  • මට කිව්වේ ඒ ලියුම ඉංග්‍රීසියෙන් ලියන්න එපා කියලා. – I was told not to write that letter in English.
  • නාගරික ප්‍රදේශයක ජීවත්වෙන එක මොන වගේද? – What is it like to live in an urban area?
  • ඔයා හිතන්නේ දිනන්න යන්නේ කවුරු කියලද? – Who do you think is going to win?


පහත වචන උච්චාරණය ඔබට නුහුරු නම් ඔබ මේ පාඨමාලාව හා සම්බන්ධවීම ඉතා වැදගත්ය.

  • chair - චෙඅ'
  • table - ටෙඉබ්ල්
  • careful - කෙඅ'ෆ්ල්
  • company - කම්ප'නි
  • tortoise - ටෝට'ස්
  • village - විලිජ්
  • student - ස්ට්යූඩ'න්ට්
  • newspaper - න්යූස්පෙඉප'
  • knowledge - නොලිජ්
  • hole - 'උල් 

මේ සමඟම ඉංග්‍රීසි භාෂා භාවිතය පුහුණු විය යුතුයි.
ඉංග්‍රීසි කියවීම හා ශ්‍රවණය තුලින් නව භාෂා දැනුම ලබාගත යුතුයි.

සුද්දෙක් වගේ ඉංග්‍රීසි කථාකිරීමේ ගමන අරඹමු. 

සුභ පැතුම්.

මේ පාඨමාලාව නිර්මාණය කිරීම, පුහුණු සැසි, උපදේශක පුහුණු වැඩසටහන් හා දේශන පැවැත්වීම සිදුකරනු ලබන්නේ වෙනත් භාෂාවන් කථාකරන අයට ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ එංගලන්තයේ කේම්බ්රිජ් විශ්වවිද්‍යාලීය සහතිකලත් වසර 20 කට වඩා වැඩි ඉංග්‍රීසි ඉගැන්වීමේ අත්දැකීම් ලත් යුරේෂියන් ඊසෝල් ස්කූල් අධිපති B.M.C. ජයවර්ධන විසිනි. 


රත්නපුර දිස්ත්‍රික්කය තුල මෙම පාඨමාලාව භෞතිකව මෙහෙයවනු ලබන්නේ ජතික තරුණ සේවා සභාව රත්නපුර දිස්ත්‍රික් නිස්කෝ අංශය ( location - https://g.co/kgs/ETXdwy ) මගින් වන අතර දීපව්‍යාප්තව හා ජාත්‍යන්තරව මාර්ගගත පාඨමාලාව lesson.lk වෙබ් අඩවිය ඔස්සේ මෙහෙයවනු ලැබේ. විශේෂ තනි හා කුඩා කණ්ඩායම් පන්ති පැවැත්වෙන්නේ රත්නපුර නව නගරයේ යුරේෂියන් ඊසෝල් ස්කූල් භාෂා පර්යේෂණ මධ්‍යස්ථානයේදීය ( location - https://g.co/kgs/96xHnE ).

පාඨමාලාවට සම්බන්ධවීමටත්, ඊට අදාල වීඩියෝ නොමිලේ ලබාගැනීමටත් පහත සමූහ හා එක්වන්න.

භෞතික පාඨමාලාව - https://chat.whatsapp.com/JbpH74fIub3Cuo7ht6vaz3

මාර්ගගත පාඨමාලාව - https://chat.whatsapp.com/FaKy18spKX3J0LBJ4v80tW

විශේෂ තනි හෝ කුඩා කණ්ඩායම් - https://chat.whatsapp.com/C3Sr6N3wodsIyjWe8rvU10

Comments

Popular posts from this blog

BLOG 1 - A1 (මූලික මට්ටම) - Essential Knowledge (අත්‍යාවශ්‍ය දැනුම)

GESS A1 - 1000 NOUNS

Let's practice English. - අපි ඉංග්‍රීසි පුහුණුවෙමු.