BLOG 1 - A1 (මූලික මට්ටම) - Essential Knowledge (අත්‍යාවශ්‍ය දැනුම)
හෝඩියෙන් පටන්ගමු.
Let's start with the alphabet.
ඉංග්‍රීසි හෝඩිය - THE ENGLISH ALPHABET - දී ඉංග්ලිෂ් ඇල්ෆ'බ'ට්
i. Aa - ඇ (එඉ) - at, an, as, am, and
ii. Bb - බ් (බී) - bat, bed, bin, boss
iii. Cc - ක් (සී) - cat, can, cap, cash, cot
iv. Dd - ඩ් (ඩී) - dog, dig, den, duck
v. Ee - එ (ඊ) - egg, end, elk
vi. Ff - ෆ් (එෆ්) - fat, fit, fond, fun, fell
vii. Gg - ග් (ජී) - gap, gun, gas, god
viii. Hh - හ් (එච්) - hen, hut, hot, hip, hat
ix. Ii - ඉ (අඉ) - in, ill, igloo, it, is, ink
x. Jj - ජ් (ජෙඉ) - jam, jet, jog, jug, Jill
xi. Kk - ක් (කෙඉ) - kit, kettle
xii. Ll - ල් (එල්) - lab, luck, lock, lend, lid
xiii. Mm - ම් (එම්) - man, mend, must, moth, mist
xiv. Nn - න් (එන්) - nap, not, nut, nest, nill
xv. Oo - ඔ (අ'උ) - on, off
xvi. Pp - ප් (පී) - pot, pen, pill, pan, pod
xvii. Qq (ක්යූ) -
xviii. Rr - ර් (ආ) - red, rod, run, rid, rat
xix. Ss - ස් (එස්) - set, sun, sit, sad
xx. Tt - ට් (ටී) - ten, top, tin, tap
xxi. Uu - අ (යූ) - up, us
xxii. Vv - ව් (වී) - van, vet
xxiii. Ww - ව් (ඩබ්ල්යූ) - wet, win
xxiv. Xx - ක්ස් (එක්ස්) - mix, box, six
xxv. Yy - ය් (වඉ) - yes, yet
xxvi. Zz - zස් (zසෙඩ් / zසී) - zigzag, zip, zoo
xxvii. qu - ක්ව් - quick, quiz, quill, quest
xxviii- sh - ෂ්/ශ් - ship, shop, shut, shed, shut
xxix - th - ද් - this, that, then, thus
xxx. - ch - ච් - chin, chest, chum
xxxi. ph - ෆ් - phut
SHORT ENGLISH WORDS
ගණන්කල හැකි නාමපද - Countable Nouns - කඋන්ට'බ්ල් නඋන්ස්
1. පූසා - cat (කැට්)
2. ටැප් එක - tap (ටැප්)
3. තොප්පිය - hat (හැට්)
4. බෑග් එක - bag (බැග්)
5. වෑන් එක - van (වැන්)
6. ලැබ් එක - lab (ලැබ්)
7. පිරිමියා - man (මැන්)
8. පැදුර - mat (මැට්)
9. කෙටි නින්ද - nap (නැප්)
10. මීයා - rat (රැට්)
11. පෑන - pen (පෙන්)
12. ඇඳ - bed (බෙඩ්)
13. ගුහාව - den (ඩෙන්)
14. කිකිලි - hen (හෙන්)
15. ජෙට් එක - jet (ජෙට්)
16. දැල - net (නෙට්)
17. කට්ටලය - set (සෙට්)
18. චුට්ට - bit (බිට්)
19. කිට් එක - kit (කිට්)
20. බොරු කොණ්ඩය - wig (විග්)
21. කළය - pot (පොට්)
22. බල්ලා - dog (ඩොග්)
23. දෙවියා - god (ගොඩ්)
24. පෙට්ටිය - box (බොක්ස්)
25. කොටය - log (ලොග්)
26. නරියා - fox (ෆොක්ස්)
27. ගොඩ - lot (ලොට්)
28. දණ්ඩ - rod (රොඩ්)
29. කෝප්පය - cup (කප්)
30. මග් එක - mug (මග්)
31. මකුණා - bug (බග්)
32. ඉර - sun (සන්)
33. පැල්පත - hut (හට්)
34. ජෝගුව - jug (ජග්)
35. නට් එක - nut (නට්)
36. ගෙඩිය/ඇටය - nut (නට්)
37. පාපිස්ස - rug (රග්)
38. බනිස් ගෙඩිය - bun (බන්)
39. බස් එක - bus (බස්)
40. වේල්ල - dam (ඩැම්)
41. උකුල - hip (හිප්)
42. බැට් එක - bat (බැට්)
43. පොහොට්ටුව - bud (බඩ්)
44. මැණික් ගල - gem (ජෙම්)
45. කැප් එක - cap (කැප්)
46. මුදුන - top (ටොප්)
47. කඩමාල්ල
- rag (රැග්)
48. වරල - fin (ෆින්)
49. දොස්තර - doc (ඩොක්)
50. පශුවෛද්‍ය - vet (වෙට්)
51. පෑනක් - a pen (එඉ පෙන් / අ'පෙන්)
52. පෑන - the pen (දී පෙන් / ද' පෙන්)
53. පෑන් -
pens (පෙන්ස්)
54. පෑන්
ටික - the pens (දී පෙන්ස් / ද'පෙන්ස්)
55. පෑන් ගොඩක් - a lot of pens (අ'ලොට'ව් පෙන්ස්)
56. පෑන් ටිකක් - some pens (සම් පෙන්ස්)
57. මගේ පෑන - my pen (මඉ පෙන්)
58. මගේ පෑන් ටික - my pens (මඉ පෙන්ස්)
59. මේ පෑන - this pen (දිස් පෙන්)
60. මේ පෑන් ටික - these pens (දීස් පෙන්ස්)
61. අර/ඒ පෑන - that pen (දැට් පෙන්)
62. අර/ඒ පෑන් ටික - those pens (ද'උස් පෙන්ස්)
63. එක පෑනක් - one pen (වන් පෙන්)
64. පෑන් දෙකක් - two pens (ටූ පෙන්ස්)
65. පෑන් දෙක - the two
pens (ද' ටූ පෙන්ස්)
66. පළවෙනි පෑන - the first pen (ද' ෆ''ස්ට් පෙන්)
67. යම්
පෑනක් - some pen (සම් පෙන්)
68. සමහර
පෑන් - some pens (සම් පෙන්ස්)
69. බොහොමයක්
පෑන් - most pens (ම'උස්ට් පෙන්ස්)
70. පෑන්
ඔක්කොම - all pens (ඕල් පෙන්ස්)
71. කිරි - milk (මිල්ක්)
72. වැලි - sand (සැන්ඩ්)
73. දූවිලි - dust (ඩස්ට්)
74. ජෑම් - jam (ජැම්)
75. මළකඩ - rust (රස්ට්)
76. මඩ - mud (මඩ්)
77. ඝන මීදුම - fog (ෆොග්)
78. තුනී මීදුම - mist (මිස්ට්)
79. සේද - silk (සිල්ක්)
80. අළු - ash (ඇෂ්)
නාම ප්‍රකාශන - Noun Phrases - නඋන් ෆ්‍රෙඉසිස්
81. කිරි කෝප්පයක් - a cup of milk (අ'කප'ව් මිල්ක්)
82. කිරි එක - the milk (ද'මිල්ක්)
83. කිරි ටික - the milk (ද'මිල්ක්)
84. කිරි ටිකක් - some milk (සම් මිල්ක්)
85. කිරි ගොඩක් - a lot of milk (අ'ලොට'ව් මිල්ක්)
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
86. බිත්තරය - egg (එග්)
87. අවසානය - end (එන්ඩ්)
88. වංගුව - bend (බෙන්ඩ්)
89. සීනුව - bell (බෙල්)
90. ලිඳ - well (වෙල්)
91. කොන්ද - back (බැක්)
92. පිටිපස්ස - back (බැක්)
93. නැව - ship (ෂිප්)
93. මාළුවා - fish (ෆිෂ්)
94. කඩය - shop (ෂොප්)
95. පපුව -
chest (චෙස්ට්)
96. බිල -
bill (බිල්)
97. පරීක්ෂණය - test (ටෙස්ට්)
98. කැදැල්ල - nest (නෙස්ට්)
99. සිංදුව - song (සොං)
100. රජතුමා - king (කිං)
101. මඩුව - shed (ෂෙඩ්)
102. කකුළුවා - crab (ක්‍රැබ්)
103. පළුද්ද - crack (ක්‍රැක්)
104. උගුල - trap (ට්‍රැප්)
105. අත -
hand (හැන්ඩ්)
106. කකුල - leg (ලෙග්)
107. කුළීරථය - cab (කැබ්)
108. ප්‍රවණතාවය - trend (ට්‍රෙන්ඩ්)
109. අවහිරය - block (බ්ලොක්)
110. විවේකය - rest (රෙස්ට්)
111. ගොනා - bull (බුල්)
112. පඳුර -
bush (බුෂ්)
113. හාදුව - kiss (කිස්)
114. නිකට - chin (චින්)
115. කූඩාරම - tent (ටෙන්ට්)
116. පියවර - step (ස්ටෙප්)
117. ගෙම්බා - frog (ෆ්‍රොග්)
118. පටිය - belt (බෙල්ට්)
119. මුද්ද
-
ring (රිං)
120. තටුව - wing (විං)
121. පෙත්ත
- pill (පිල්)
122. මෙහෙණිය - nun (නන්)
123. පැකට්
එක - pack (පැක්)
124. පොකුණ - pond (පොන්ඩ්)
125. කුලිය
- rent (රෙන්ට්)
126. පර්වතය
- rock (රොක්)
127. තාච්චිය/ඇතිලීය - pan (පැන්)
127. බංකුව - bank (බැංක්)
128. කලය/වලඳ/පෝච්චිය
- pot (පොට්)
129. පාත්තිය
- plot (ප්ලොට්)
130. ගඩොල
- brick (බ්රික්)
131. ලොක්කා
- boss (බොස්)
132. බුරුසුව- brush (බ්‍රශ්)
133. බද්ද - tax (ටැක්ස්)
134. කොඩිය - flag (ෆ්ලැග්)
135. තාරාවා - duck (ඩක්)
136. පොරවක් ගන්න.
– Take an axe. (ටෙඉක'නැක්ස්)
137. පොඩි එකාට ගහන්න.
– Hit the kid. (හිට් ද' කිඩ්)
138. ඇඳ අදින්න.
– Pull the bed. (පුල් ද' බෙඩ්)
139. පෙට්ටිය ලොක් කරන්න.
– Lock the box. (ලොක් ද' බොක්ස්)
140. තොප්පිය තල්ලුකරන්න.
– Push the hat. (පුෂ් ද' හැට්)
141. මේ මීයව දාන්න.
– Put the rat. (පුට් ද' රැට්)
142. අර බැග් එක බිම දාන්න.
– Drop that bag. (ඩ්‍රොප් ද' බැග්)
143. පාපිස්ස බ්‍රෂ්කරන්න.
– Brush the rug. (බ්‍රෂ් ද' රග්)
144. එක ගෙඩියක් කපන්න.
– Cut one nut. (කට් වන් නට්)
145. මගේ සිංදුව ගයන්න.
– Sing my song. (සිං මඉ සොං)
146. බිත්තරයක් තෝරාගන්න.
– Pick an egg. (පික'නෙග්)
147. ඔහුට උදවුකරන්න.
– Help him. (හෙල්ප් හිම්)
148. ඔවුන්ව නවත්වන්න.
– Stop them. (ස්ටොප් දෙම්)
149 අපව මරන්න.
– Kill us. (කිල'ස්)
150. ඒවා විකුණන්න.
– Sell them. (සෙල් දෙම්)
151. එක පූසෙක්ව එල්ලන්න.
– Hang one cat. (හැං වන් කැට්)
152. ලොරියක් කුලියට ගන්න.
– Rent a truck. (රෙන්ට' ට්‍රක්)
153. බල්ලට ඉඩදෙන්න.
– Let the dog. (ලෙට්ද'ඩොග්)
154. කූඹියෙක් ඉන්න තැන දකින්න.
– Spot an ant. (ස්පොට'නැන්ට්)
155. ටින් එක පොඩිකරන්න.
– Crush the can. (ක්‍රෂ් ද' කැන්)
PREPOSITION + NOUN (Prepositional Phrase)
156. එක පෙට්ටියක් ඇතුලේ -
in one box (ඉන් වන් බොක්ස්)
157. මගේ කෝප්පය තුල -
in my cup (ඉන් මඉ කප්)
158. බංකුව උඩ -
on the bench (ඔන් ද' බීච්)
159. එක බිත්තරයක් මත -
on one egg (ඔන් වන් එග්)
160. පූසා එක්ක -
with the cat (විද් ද' කැට්)
161. බල්ලෙක් එක්ක
- with a dog (විද' ඩොග්)
162. රජතුමා වෙනුවෙන් -
for the king (ෆ'ද' කිං)
163. දවල් කෑම සඳහා -
for lunch (ෆ' ලන්ච්)
164. නැවතුමේදී -
at the stop (අ'ට් ද' ෂොප්)
165. එක කඩයකදී
- at one shop (අ'ට් වන් ෂොප්)
166. දිනය -
date (ඩෙඉට්)
167. පිටුව -
page (පෙඉජ්)
168. යාළුවා -
mate (මෙඉට්)
169. තරඟය -
game (ගෙඉම්)
170. පටු පාර -
lane (ලෙඉන්)
171. ප්‍රමාද -
late (ලෙඉට්)
172. ආවා -
came (කෙඉම්)
173. හැඩය -
shape (ෂෙඉප්)
174. කේක් -
cake (කෙඉක්)
175. විල -
lake (ලෙඉක්)
176. බයිසිකලය -
bike (බඉක්)
177. කැමතියි/වගේ -
like (ලඉක්)
178. ෆයිල් එක -
file (ෆඉල්)
179. නවය -
nine (නඉන්)
180. හපනවා -
bite (බඉට්)
181. හාල්/බත් -
rice (රඉස්)
182. කදිම
- fine (ෆඉන්)
183. නියම
- nice (නඉස්)
184. උළු කැටය
- tile (ටඉල්)
185. සරුංගලය
- kite (කඉට්)
186. සෙල්ලම් බඩුව -
toy (ටොඉ)
187. පිරිමි ළමයා -
boy (බොඉ)
188. සතුට -
joy (ජොඉ)
189. ගෙවනවා -
pay (පෙඉ)
190. තැටිය -
tray (ට්‍රෙඉ)
191. කියනවා -
say (සෙඉ)
192. දවස -
day (ඩෙඉ)
193. මැටි -
clay (ක්ලෙඉ)
194. මාර්ගය/විධිය
- way (වෙඉ)
195. නැවතිලා ඉන්නවා
- stay (ස්ටෙඉ)
196. එනවා -
come (කම්)
197. ටිකක් -
some (සම්)
198. කරලා -
done (ඩන්)
199. ආදරය -
love (ලව්)
200. ආදරෙයි
- love (ලව්)
201. ආසයි -
love (ලව්)
202. සුදු පරෙවියා -
dove (ඩව්)
203. අත්වැසුම -
glove (ග්ලව්)
204. එකක්වත් නෑ -
none (නන්)
205. ඉහල
- above (අ'බව්)
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
206. කොහොමද - how - හඋ
207. දැන් - now - නඋ
208. එළදෙන - cow - කඋ
209. නගරය - town - ටඋන්
210. ඔටුන්න - crown - ක්‍රඋන්
211. සෙනඟ - crowd - ක්‍රඋඩ්
212. පහලට - down - ඩඋන්
213. එළියට - out - අඋට්
214. කෑගහනව - shout - ෂඋට්
215. පොළොව - ground - ග්‍රඋන්ඩ්
216. සැකය - doubt - ඩඋට්
217. ගැන/විතර - about - අ'බඋට්
218. ගෙය - house - හඋස්
219. බ්ලඋස් එක - blouse - බ්ලඋස්
220. මීයා - mouse - මඋස්
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
221. කේතලය - kettle - කෙට්ල්
222. කුඩා - little - ලිට්ල්
223. බුබුල - bubble - බබ්ල්
224. සටන - battle - බැට්ල්
225. ඇපල් ගෙඩිය - apple - ඇප්ල්
226. තනි - single - සිංග්ල්
227. මේසය - table - ටෙඉබ්ල්
228. හැකි - able - එඉබ්ල්
229. කෑහැකි - edible - එඩිබ්ල්
230. නොහැකි - unable - අනෙඉබ්ල්
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
231. පුතා - son - සන්
232. දිනුවා/දිනලා - won - වන්
233. ටොන් එක - ton - ටන්
234. රට - country - කන්ට්රි
235. දැඩි - tough - ටෆ්
වාක්‍ය රටා - SENTENCE PATTERNS - සෙන්ටෙන්ස් පැට'න්ස්
236. සිංදු කියන්න. - Sing. - සිං
237. සිංදු කියන්න එපා. - Don't sing. - ඩ'උන්ට් සිං
238. මම සිංදු කියනවා. - I sing. - අඉ සිං
239. මම සිංදුකියන්නේ නෑ. - I don't sing. - අඉ ඩ'උන්ට් සිං
240. ඔයා සිංදු කියනවද? - Do you sing? - ඩූ යූ සිං
241. මම සිංදු කියකිය ඉන්නේ. - I'm singing. - අඉම් සිංඉං
242. මම සිංදු කියකිය නෙවෙයි ඉන්නේ. - I'm not singing. - අඉම් නොට් සිංඉං
243. ඔයා සිංදු කියකියද ඉන්නේ? - Are you singing? - ආ යූ සිංඉං
244. මම සිංදු කියන්නම්. - I'll sing. - අඉල් සිං
245. අපි සිංදු කියමු. - Let's sing. - ලෙට්ස් සිං
අත්‍යාවශ්‍ය වචන ටිකක් - SOME ESSENTIAL WORDS - සම් ඉසෙන්ෂ්ල් ව''ඩ්ස්
246. එඉ/අ' - a
247. ඇන්/අ'න් - an
248. දී/ද' - the
249. දිස් - this
250. දැට් - that
251. දීස් - these
252. ද'උස් - those
253. වෙඅ' - where
254. හිඅ' - here
255. දෙඅ' - there
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
256. හමුවෙනවා - meet - මීට්
257. බඩගානවා - creep - ක්‍රීප්
258. නිදියනවා - sleep - ස්ලීප්
259. බැටළුවා - sheep - ෂීප්
260. සතිය - week - වීක්
261. ආසනය - seat - සීට්
262. කියවනවා - read - රීඩ්
263. දුර්වල - weak - වීක්
264. රස්නය - heat - හීට්
265. ප්‍රතිකාර කරනවා - treat - ට්රීට්
266. සිහිනය - dream - ඩ්රීම්
267. සතුටුකරනවා - please - ප්ලීස්
268. වැඩිකරනවා - increase - ඉන්ක්‍රීස්
269. මද සුලඟ - breeze - බ්රීස්z
270. කේජු - cheese - චීස්
271. කිවිසුම් යවනවා - sneeze - ස්නීස්z
272. සාමය - peace - පීස්
273. කෑල්ල - piece - පීස්
274. විශ්වාස කරනවා - believe - බිලීව්
275. ලේලිය - niece - නීස්
276. දර්ශණය - scene - සීන්
277. මෑතක සිදුවුනු - recent - රීස'න්ට්
278. ශෝභන - decent - ඩීස'න්ට්
279. යේසුස් - Jesus - ජීස'ස්
280. නීතිමය - legal - ලීග'ල්
වාක්‍ය රටා - SENTENCE PATTERNS - සෙන්ටෙන්ස් පැට'න්ස්
281. මේක කෝප්පයක්. - This is a cup. - දිසිස' කප්
282. මේක බෑග් එකක් නෙවෙයි. - This isn't a bag. - දිස් ඉස්න්ට' බැග්
283. මේක ෆෑන් එකක්ද? - Is this a fan? - ඉස් දිස' ෆැන්
284. මේක තමයි කඩේ. - This is the shop. - දිස් ඉස්ද' ෂොප්
285. මේක නෙවෙයි ෆයිල් එක. - This isn't the file. - දිස් ඉස්න්ට් ද' ෆඉල්
286. මේකද පෙට්ටිය? - Is this the box? - ඉස් දිස් ද' බොක්ස්
287. මේ මගේ පෑන. - This is my pen. - දිස් ඉස් මඉ පෙන්
288. මේ මගේ පොත නෙවෙයි. - This isn't my book. - දිස් ඉස්න්ට් මඉ බුක්
289. මේ ඔයාගේ යතුරද? - Is this your key? - ඉස් දිස් ය' කී
290. මේවා සෙල්ලම් බඩු. - These are toys. - දීස' ටොඉස්
291. මේවා බිත්තර නෙවෙයි. - These aren't eggs. - දීස'න්ට් එග්ස්
292. මේ ඔයාගේ පොඩි අයද? - Are these your kids? - ආ දීස් ය'කිඩ්ස්
293. මේ තේ. - This is tea. - දිසිස් ටී
294. මේ කිරි නෙවෙයි. - This isn't milk. - දිස් ඉස්න්ට් මිල්ක්
295. මේ ජෑම් ද? - Is this jam? - ඉස් දිස් ජැම්
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
296. උත්සහා කරනවා - try - ට්‍රඉ
297. බදිනවා - fry - ෆ්‍රඉ
298. අඬනවා - cry - ක්‍රඉ
299. මගේ - my - මඉ
300. මැස්සා/පියාඹනවා - fly - ෆ්ලඉ
301 අහස - sky - ස්කඉ
302. මැරෙනවා - die - ඩඉ
303. බොරු කියනවා - lie - ලඉ
304. වැතිර ඉන්නවා - lie - ලඉ
305. විසින්/මගින්/අසල - by - බඉ
306. ඇයි - why - වඉ
307. ලැජ්ජාශීලී - shy - ෂඉ
308. ඔත්තුකරුවා/ඔත්තු බලනවා - spy - ස්පඉ
309. මිලට ගන්නවා - buy - බඉ
310. කෙනා/පුද්ගලයා - guy - ගඉ
වාක්‍ය රටා - SENTENCE PATTERNS - සෙන්ටෙන්ස් පැට'න්ස්
311. අර පූසෙක්. - That's a cat. - දැට්ස' කැට්
312. අරක නෙවෙයි ලියුම. - That isn't the letter. - දැට් ඉස්න්ට් ද' ලෙට'
313. අර සමන්ද? - Is that Saman? - ඉස් දැට් සමන්
314. අරවා පිඟන්. - Those are plates. - ද'උස' ප්ලෙඉට්ස්
315. අරවා මගේ බිල් නෙවෙයි. - Those aren't my bills. - ද'උසාන්ට් මඉ බිල්ස්
316. අරවා ටැක්සිද? - Are those taxis? - ආ ද'උස් ටැක්සිස්
317. අර අළු. - That's ash. - දැට්ස් ඇෂ්
318. අර දූවිලි නෙවෙයි. - That isn't dust. - දැට් ඉස්න්ට් ඩස්ට්
319. අර වැලිද? - Is that sand? - ඉස් දැට් සැන්ඩ්
320. අර මලකඩද නැත්නම් කුණුද? - Is that mud or dirt? - ඉස් දැට් මඩ් ඕ ඩ''ට්
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
321. පැන්සල - pencil - පෙන්සිල්
322. ආරාධනාකරනවා - invite - ඉන්වඉට්
323. මේසය - table - ටෙඉබ්ල්
324. පිංතූරය - picture - පික්ච'
325. සහෝදරිය - sister - සිස්ට'
326. සහෝදරයා - brother - බ්‍රද'
327. අම්මා - mother - මද'
328. තාත්තා - father - ෆාද'
329. සංස්කෘතිය - culture - කල්ච'
330. දවල් කෑම - lunch - ලන්ච්
331. උදේ කෑම - breakfast - බ්‍රෙක්ෆ'ස්ට්
332. රෑ කෑම - dinner - ඩින'
333. කන්න පොඩි දෙයක් - snack - ස්නැක්
334. ගහ - tree - ට්රී
335. කාමරය - room - රූම්
උක්ත සර්වනාම පද - SUBJECT PRONOUNS - සබ්ජෙක්ට් ප්‍ර'උනඋන්ස්
336. ඔහු - he - හී
337. ඇය - she - ෂී
338. ඌ/ඒක - it - ඉට්
339. මම - I - අඉ
340. අපි - we - වී
341. ඔයා/ඔයාලා - you - යූ
342. ඔවුන්/උන්/ඒවා -they - දෙඉ
343. ඔයාලා දෙන්නා - you two - යූ ටූ
344. ඔයාලා දෙන්නම - you both - යූ බ'උත්
345. ඔයාලා ඔක්කොම- you all - යූ ඕල්
346. ඔයලා - you guys - යූ ගඉස්
347. ඔහුයි ඇයයි - he and she - හී ඇන්ඩ් ෂී
348. මම හරි ඔයා හරි - I or you - අඉ ඕ යූ
349. අපියි එයාලයි - we and they - වී ඇන්ඩ් දෙඉ
350. අපි දෙන්නයි ඔයාලා ඔක්කොමයි - we both and you all - වී ටූ ඇන්ඩ් යූ ඕල්
වාක්‍ය රටා - SENTENCE PATTERNS - සෙන්ටෙන්ස් පැට'න්ස්
351. මට පුළුවන් පීනන්න මුහුදේ. - I can swim in the sea. - අඉ කැන් ස්විම් ඉන්ද සී
352. මට බෑ අද එන්න. - I can't come tomorrow. - අ ඉ කාන්ට් කම් ට'ඩෙඉ
353. ඔයාට පුළුවන්ද සිංදු කියන්න හොඳින්? - Can you sing well? - කැන් යු සිං වෙල්
354. ඔහුට පුළුවන් අරක උස්සන්න. - He can lift that. - හී කැන් ලිෆ්ට් දැට්
355. ඇයට බෑ මේක හදන්න. - She can't repair this. - ෂී කාන්ට් මෙඉක් දිස්
356. ඌට පුළුවන්ද හිතන්න? - Can it think? - කැනිට් තිංක්
357. ඒකට පුළුවන්ද හෙලවෙන්න? - Can it move? - කැනිට් මූව්
358. අපිට පුළුවන් මේ තරඟය දිනන්න. - We can win this match. - වී කැන් වින් දිස් මැච්
359. ඔයාලට බෑ ඒ බිල ගෙවන්න. - You can't pay that bill. - යූ කාන්ට් පෙඉ දැට් බිල්
360. එයාලට පුළුවන්ද මේ කණ්ඩායමට එකතුවෙන්න? - Can they join this team? - කැන් දෙඉ ජොඉන් දිස් ටීම්
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
361. ඔළුව - head - හෙඩ්
362. පාන් - bread - බ්‍රෙඩ්
363. මැරුණු - dead - ඩෙඩ්
364. මරණය - death - ඩෙත්
365. නූල - thread - ත්‍රෙඩ්
366. තර්ජනය - threat - ත්‍රෙට්
367. තර්ජනයකරනවා - threaten - ත්‍රෙට්න්
368. ඊයම් - lead - ලෙඩ්
369. අදහස්කලා - meant - මෙන්ට්
370. පැන්නා - leapt - ලෙප්ට්
වාක්‍ය රටා - SENTENCE PATTERNS - සෙන්ටෙන්ස් පැට'න්ස්
371. මෙන්න යතුර. - Here's the key. - හිඅස් ද' කී
372. මෙන්න යතුරු ටික. - Here are the keys. - හිඅ'ර'ද' කීස්
373. මෙන්න මගේ ෆයිල් එක. - Here's my file. - හිඅ'ස් මඉ ෆයිල්
374. මෙන්න මගේ ෆයිල් ටික. - Here are my files. - හිඅ'ර' මඉ ෆඉල්ස්
375. මෙන්න එකක්. - Here's one. - හිඅ'ස් වන්
376. - මෙන්න දෙකක්. - Here are two. - හිඅ'ර' ටූ
377. මෙන්න උත්තරේ. - Here's the answer. - හිඅ'ස් දි ආන්ස'
378. මෙන්න උත්තර ටික. - Here are the answers. - හිඅ'ර'දි ආන්ස'ස්
379. මෙන්න එක හේතුවක්. - Here's one reason. - හිඅ'ස් වන් රීස'න්
380. මෙන්න හේතු ටිකක්. - Here are some reasons. - හිඅ'ර' සම් රීස'න්ස්
VERB + OBJECT PRONOUN
381. ඔහුට කියන්න. Tell him. - ටෙල් හිම්
382. ඔහුගෙන් අහන්න. - Ask him. - ආස්ක් හිම්
383. ඔහුව තෝරාගන්න. - Select him. - සිලෙක්ට් හිම්
384. ඇයට දෙන්න. - Give her. - ගිව් හ'
386. ඇයට කවන්න. - Feed her. - ෆීඩ් හ'
387. ඇයව එක්ක යන්න. - Take her. - ටෙඉක් හ'
388. ඌව අල්ලාගන්න. - Catch it. - කැචිට්
389. ඒක ගේන්න - Bring it. - බ්රිං ඉට්
390. ඒක සෝදන්න. - Wash it. - වොෂිට්
391. මට එවන්න. - Send me. - සෙන්ඩ් මී
392. මට කියාදෙන්න. - Teach me. - ටීච් මී
393. මාව නවත්වන්න. - Stop me. - ස්ටොප් මී
394. අපට අවවාද කරන්න. - Advise us. - අ'ඩ්වඉස් අස්
395. අපට පෙන්වන්න. - Show us. - ෂ'උ අස්
396. අපට දන්වන්න. - Inform us. - ඉන්ෆෝම් අස්
397. ඔයාට ණයට දෙන්න. - Lend you. - ලෙන්ඩ් යූ
398. ඔයාලට දඬුවම් කරන්න. - Punish you. - පනිෂ් යූ
399. ඔවුන්ව බලන්න යන්න. - Visit them. - විසිට් දෙම්
400. උන්ට ප්‍රතිකාර කරන්න. - Treat them. - ට්රීට් දෙම්
වාක්‍ය රටා - SENTENCE PATTERNS - සෙන්ටෙන්ස් පැට'න්ස්
401. සමන් ඒවි අද. - Saman will come today. - සමන් විල් කම් ට'ඩෙඉ
402. ගුරුවරයා ඔයාට උදවුකරාවි. - The teacher will help you. - ද' ටීච' විල් හෙල්ප් යූ
403. මිල ගණන් ඉහල යයි. - Prices will rise. - ප්‍රඉසිස් විල් රඉස්
404. ඔහු කියන එකක් නෑ ඇත්ත. - He won't tell the truth. - හී ව'උන්ට් ටෙල් ද' ටෲත්
405. ඒක සිදුවෙන එකක් නෑ ඉක්මනින්. - It won't happen soon. - ඉට් ව'උන්ට් හැප්න් සූන්
406. ඔවුන්ට තේරෙන එකක් නෑ මේක. - They won't understand this. - දෙඉ වොන්ට් අන්ඩ'ස්ටැන්ඩ් දිස්
407. ඔයාගේ යාළුවා අපිත් එක්ක එකතුවෙයිද? - Will your friend join us? - විල් යෝ ෆ්‍රෙන්ඩ් ජොඉන'ස්
408. ඇය වෙනස් වෙයිද? - Will she change? - විල් ෂී චෙඉන්ජ්
409. ඔයා ඔයාගේ අදහස වෙනස්කර ගනියිද? - Will you change your mind? - විල් යූ චෙඉන්ජ් යෝ මඉන්ඩ්
410. සතා මැරෙයිද? - Will the animal die? - විල් දි ඇනිම'ල් ඩඉ
PREPOSITION + OBJECT PRONOUN
411. ඔහු එක්ක. - with him - විද් හිම්
412. ඔහු ගැන - about him - අ'බඋට් හිම්
413. ඔහු වෙතට - to him - ටු හිම්
414. ඇය වෙනුවෙන් - for her - ෆෝ හ'
415. ඇය නැතුව - without her - විදඋට් හ'
416. ඇය වගේ - like her - ලඉක් හ'
417. ඒක තුල - in it - ඉනිට්
418. ඒකට කලින් - before it - බිෆෝරිට්
419. ඒකට අනුව - according to it - අ'කෝඩිං ටු ඉට්
420. මං නිසා - because of me - බික'ස'ෆ් මී
421. මං හැර - except me - ඉක්සෙප්ට් මී
422. මගේ පිටිපස්සේ - behind me - බිහඉන්ඩ් මී
423. අපේ ඉස්සරහා - in front of us - ඉන් ෆ්‍රන්ට'ව් අ'ස්
424. ඔයාගෙන් පස්සේ - after you - ආෆ්ට' යූ
425. ඔවුන් විසින් - by them - බඉ දෙම්
වාක්‍ය රටා - SENTENCE PATTERNS - සෙන්ටෙන්ස් පැට'න්ස්
426. ගැටළුවක් තියෙනවා මෙතන. - There's a problem here. - දෙඅ'ස' ප්‍රොබ්ල'ම් හිඅ'
427. කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා බස් නැවතුමේ. - There are two boys at the bus stop. - දෙඅ'ර' ටූ බොඉස් අ'ට්ද' බස්ටොප්
428. බල්ලෙක් ඉන්නවා ඔයාගේ පිටිපස්සේ. - There's a dog behind you. - දෙඅ'ස' ඩොග් බිහඉන්ඩ් යු
429. සිනමා ශාලා තුනක් තියෙනවා මේ ලඟ. - There are two cinemas near here. - දෙඅ'ර' ටූ සින'ම'ස් නිඅ'හිඅ'
430. බැංකුවක් නෑ මේ වීදියේ. - There isn't a bank in this street. - දෙඅ' ඉස්න්ට් අ'බැංක් ඉන් දිස් ස්ට්රීට්
431. ගැහැණු ළමයි නෑ අපේ කණ්ඩායමේ. - There aren't girls in our group. - දෙඅ'ර'න්ට් ග''ල්ස් ඉන් අඋඅ' ගෲප්
432. පාටි එකක් තියෙනවද හෙට? - Is there a party tomorrow? - ඉස් දෙඅ'ර' පාටි ට'ම'ටර'උ
433. දියඇළි තියෙනවද ඔයාගේ ප්‍රදේශයේ? - Are there waterfalls in your area? - ආ දෙඅ' වෝට'ෆෝල්ස් ඉන් යෝ එඅ'රිඅ'
434. පස් දෙනෙක් ඉන්නවා මගේ පවුලේ මාත් ඇතුළුව. - There are five people in my family including myself. - දෙඅ'ර' ෆඉව් පීප්ල් ඉන් මඉ ෆැම'ලි ඉන්ක්ලූඩිං මඉසෙල්ෆ්
435. මේ මේසේ උඩ ගොඩක් දූවිලි තියෙනවා. - There's a lot of dust on this table. - දෙඅ'ස' ලොට'ව් ඩස්ට් ඔන් දිස් ටෙඉබ්ල්
නාම විශේෂණ පද - ADJECTIVES - ඇජෙක්ටිව්ස්
436. රස්නෙ- hot - හොට්
437. සිහින් - thin - තින්
438. මහත - fat - ෆැට්
439. ගණකම - thick - තික්
440. තද - hard - හාඩ්
441. මෘදු - soft - සොෆ්ට්
442. උණුසුම් warm - වෝම්
443. සීතල - cold - ක'උල්ඩ්
444. ලේසි - easy - ඊසි
445. අමාරු - difficult - ඩිෆික'ල්ට්
446. අළුත් - new - න්යූ
447. පරණ - old - අ'උල්ඩ්
448. ලොකු - big - බිග්
449. පොඩි - little - ලිට්ල්
450. විශාල - large - ලාජ්
451. කුඩා - small - ස්මෝල්
452. වේගවත් - fast - ෆාස්ට්
453. මන්දගාමී - slow - ස්ල'උ
454. රළු - rough - රෆ්
455. සිනිඳු - smooth - ස්මූද්
456. වේලාසන - early - අ''ලි
457. ප්‍රමාද - late - ලෙඉට්
458. කාරුණික - kind - කඉන්ඩ්
459. නිහඬ - silent - සඉල'න්ට්
460. නිහඬ - quiet - කවඉඅ'ට්
461. ඝෝෂාකාරී - noisy - නොඉසි
462. ඉවසිලිමත් - patient - පෙඉෂ'න්ට්
463. අවංක - honest - ඔනිස්ට්
464. මිත්‍රශීලී - friendly - ෆ්‍රෙන්ඩ්ලි
465. විවාහක - married - මැරිඩ්
466. රැකියාවක නියුතු - employed - ඉම්ප්ලොඉඩ්
467. සරළ - simple - සිම්ප්ල්
468. සංකීර්ණ - complex - ක'ම්ප්ලෙක්ස්
469. තනිකඩ - single - සිංග්ල්
470. දිග - long - ලොං
ADJECTIVES IN NOUN PHRASES
471. හොඳ කොල්ලෙක් - a good boy - අ' ගුඩ් බොඉ
472. නරක දවසක් - a bad day - අ' බැඩ් ඩෙඉ
473. ලේසි වැඩක් - an easy job - අ'නීසි ජොබ්
474. අළුත් කඩේ - the new shop - ද' න්යූ ෂොප්
475. දුප්පත් මිනිස්සු - poor people - පෝ පීප්ල්
476. මේ හිස් බෝතලය - this empty bottle - දිස් එම්ටි බොට්ල්
477. අර ලොකු ගෙවල් - those big houses - ද'උස් බිග් හඋසිස්
478. එක වැරදි තීරණයක් - one wrong decision - වන් රොං ඩිසිෂ'න්
479. පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණය - the first practical test - ද'ෆ''ස්ට් ප්‍රැක්ටිකල් ටෙස්ට්
480. මගේ පරණ ඇඳුම් - my old clothes - මඉ අ'උල්ඩ් ක්ල'උද්ස්
VERBS 'BE' AND 'AM'
481. සැලකිලිමත් වෙන්න. - Be careful - බී කෙඅ'ෆ්ල් (මම සැලකිලිමත්. - I'm careful.)
482. සාමාජිකයෙක් වෙන්න. - Be a member. - බී අ'මෙම්බ' (මම සාමාජිකයෙක්. - I'm a member.)
483. බස් නැවතුමේ ඉන්න. - Be at the bus stop. - බී අ'ට්ද'බස්ටොප් (මම බස් නැවතුමේ. - I'm at the bus stop.)
484. මෙතන ඉන්න. - Be here. බී හිඅ' (මම මෙතන. - I'm here.)
485. කිමිදෙන්න පුළුවන් වෙන්න. - Be able to dive. - බී එඉබ්ල් ටු ඩඉව් (මට කිමිදෙන්න පුළුවන්. - I'm able to dive. = I can dive.)
WH-QUESTION WORDS AND PHRASES
486. මොකක්ද/මොනවද - what - වොට්
487. මොකක් ගැනද - what about - වොට'බඋට්
488. මොකටද - what for - වොට් ෆෝ
489. මොන හැඩයද - what shape - වොට් ෂෙඉප්
490. කීයටද - what time - වොට් ටඉම්
491. කවද්ද/කොයි වෙලාවටද -when - වෙන්
492. කවුද/කවුරුන්ද/කාටද/කාවද - who - හූ
492. කා එක්කද - who with - හූ විද්
493. කා වෙනුවෙන්ද - who for - හූ ෆෝ
494. කොහොමද - how - හඋ
495. කොච්චර ලස්සනද - how beautiful - හඋ බ්යූටිෆ්ල්
496. කොච්චර ලස්සනටද - how beautifully - හඋ බ්යූටිෆ්ලි
497. කොච්චර හොඳද - how good - හඋ ගුඩ්
498. කොච්චර හොඳින්ද - -how well - හඋ වෙල්
499. මිල කීයද - how much - හඋ මච්
500. සීනි කොච්චරක්ද - how much sugar - හඋ මච් ෂුග'
501. පැකට් කීයක්ද - how many packets - හඋ මෙනි පැකිට්ස්
502. කොච්චර නිතරනිතරද / කොච්චර කාලෙකට සැරයක්ද - how often - හඋ අ'උෆ්න්
503. කොච්චර කාලයක්ද - how long - හඋ ලොං
504. මොන ජාතියේ රැකියාවක්ද - what kind of job - වොට් කඉන්ඩ'ෆ් ජොබ්
505. මොන ජාතියේ සතුන්ද - what kinds of animal - වොට් කඉන්ඩ්ස'ෆ් ඇනිම'ල්
506. ඇයි - why - වඉ
507. කාගෙ/කාගෙද - whose - හූස්
508. කොයි/කොයිකද - which - විච්
509. කාගේ සල්ලිද - whose money - හූස් මනි
510. කොයි කාමරයද - which room - විච් රූම්
VERB + ADVERB (ක්‍රියාවිශේෂණ පදය - ඇඩ්ව''බ්)
511. සැල්කිල්ලෙන් පදවන්න. - Drive carefully. - ඩ්‍රඉව් කෙඅ'ෆ්ලි
512. ඉවසිල්ලෙන් ඇහුන්කන්දෙන්න. - Listen patiently. - ලිස්න් පෙඉෂ'න්ට්ලි
513. ප්‍රායෝගිකව හිතන්න. - Think practically. - තිංක් ප්‍රැක්ටික්ලි
514. ඉක්මනින් උත්තර දෙන්න. - Answer quickly. - ආන්ස' ක්වික්ලි
515. මහන්සියෙන් වැඩකරන්න. - Work hard. - ව''ක් හාඩ්
516. පරක්කුවෙලා එන්න. - Come late. - කම් ලෙඉට්
517. වේලාසනින් පටන්ගන්න. - Start early. - ස්ටාට් අ''ලි
518. වේගයෙන් දුවන්න. - Run fast. - රන් ෆාස්ට්
519. අර්ධකාලීනව වැඩකරන්න. - Work part-time. - ව''ක් පාට් ටඉම්
520. හොඳින් නටන්න. - Dance well. - ඩාන්ස් වෙල්
521. මිත්‍රශීලීව කථාකරන්න. - Speak in a friendly manner. - ස්පීක් ඉන' ෆ්‍රෙන්ඩ්ලි මැන'
522. එළිමහනේ ඇවිදින්න. - Walk outdoors. - වෝක් අඋට්ඩෝස්
523. හැමදාම පුහුණුවෙන්න. - Practice every day. - ප්‍රැක්ටිස් එව්රිඩෙඉ
534. හෙට එන්න. - Come tomorrow. - කම් ට'මොර'උ
535. උඩතට්ටුවේ ජීවත්වෙන්න. - Live upstairs. - ලිව් අප්ස්ටෙඅ'ස්
536. ගෙදරට පයින් යන්න. - Walk home. - වෝක් හ'උම්
POSSESSIVE DETERMINER
537. ඔහුගේ ලිපිනය - his address - හිස් අ'ඩ්‍රෙස්
538. ඇයගේ වැටුප - her salary - හ'' සැල'රි
539. උගේ වලිගය - its tail - ඉට්ස් ටෙඉල්
540. ඒකේ මිල - its price - ඉට්ස් ප්‍රඉස්
541. මගේ රාජකාරිය - my duty - මයි ඩ්යූටි
542. අපේ සංස්කෘතිය - our culture - අඋඅ' කල්ච'
543. ඔයාගේ ඉල්ලීම - your request - යෝ රික්වෙස්ට්
544 - ඔයාලගේ ගමන - your journey - යෝ ජ''නි
545. ඔවුන්ගේ අදහස - their idea - දෙඅ' අඉඩිඅ'
546. උන්ගේ හැසිරීම - their behaviour - දෙඅ' බිහෙඉව්ය'
547. ඒවායේ බර - their weight - දෙඅ' වෙඉට්
548. ලාල්ගේ තීරණය - Lal's decision - ලාල්ස් ඩිසිෂ්න්
549. ගුරුවරයාගේ කටහඬ - the teacher's voice - ද' ටීච'ස් වොඉස්
550. ගුරුවරුන්ගේ කාර්යභාරය - teachers' role - ටීච'ස් ර'උල්
WH + is/are + Noun?
551. මොකක්ද ඔයාගේ නම? - What's your name? - වොට්ස් යෝ නෙඉම්
552. මොනවද ඔයාගේ විනෝදාංශ? - What are your hobbies? - වොට' යෝ හොබීස්
553. කෝ ගුරුවරයා? - Where's the teacher? - වෙඅ'ස් ද' ටීච'
544. කෝ සිසුන් ටික? - Where are the students? - වෙඅ'ර'ද' ස්ට්යූඩ'න්ට්ස්
545. කොහොමද මේ ෆිල්ම් එක? - How is the film? - හඋස් දිස් ෆිල්ම්
546. කොහොමද මේ නවකථා ටික? - How are these novels? - හඋඅ' දීස් නොව්ල්ස්
547. මොකක්ද මේ යන්ත්‍රය? - What's this machine? - වොට්ස් දිස් ම'ෂීන්
548. මොකටද මේ යන්ත්‍රය? - What's this machine for? - වොට්ස් දිස් ම'ෂීන් ෆෝ
549. මොනවද මේ ලිපි? - What are these articles? -වොට' දීස් ආටික්ල්ස්
550. මේ ලිපි මොනව ගැනද? - What are these articles about? - වොට' දීස් ආටික්ල්ස් අබ'උට්
551. ඔයාග්ගේ සහෝදරයාට කොච්චර වයසද? - How old is your brother? - හඋ අ'උල්ඩ් ඉස් යෝ බ්‍රද'
552. ඔයාගේ දෙමාපියන්ට කොච්චර වයසද? - How old are your parents? - හඋ අ'උල්ඩ් ආ යෝ පෙඉර'න්ට්ස්
553. පැකට් එකක් කීයද? - How much is a packet? - හඋ මචීස' පැකිට්
554. මේවා කීයද? - How much are these? - හඋ මච' දීස්
555. ඇයි ඒ? - Why is that? - වඉස් දැට්
556. කගෙද අර බයික් එක? - Whose is that bike? - හූස් ඉස් දැට් බඉක්
557. කාගේ බයික් එකද අර? - Whose bike is that? - හූස් බඉක් ඉස් දැට්
558. කොයිකද හරි උත්තරේ? - Which is the right answer? - විචීස් ද' රඉට් ආන්ස'
559. ඔයාගේ කාර් එක මොන පාටද? - What colour is your car? - වොට් කල'රිස් යෝ කා
560. කීයටද ඊලඟ බස් එක? - What time is the next bus? - වොට් ටඉම් ඉස් ද' නෙක්ස්ට් බස්
I HAVE + NOUN / I HAVE GOT + NOUN
561. මට තියෙනවා උපාධියක්. - I have a degree. - අඉ හැව' ඩීග්රී / I've got a degree. - අඉව් ගොට' ඩිග්රී
562. මට ඉන්නවා සහෝඳරියක්. - I have a sister. - අඉ හැව' සිස්ට' / I've got a sister. - අඉව් ගොට' සිස්ට'
563. යතුර මගෙ ලඟ. - I have the key. - අඉ හැව් ද' කී / I've got the key. - අඉව් ගොට් ද' කී
564. මට කාලය නෑ. - I don't have time. - අඉ ඩ'උන්ට් හැව් ටඉම් / I haven't got time. - අඉ හැව'න්ට් ගොට් ටඉම්
565. මට ගොඩක් යාළුවෝ නෑ. - I don't have many friends. - අඉ ඩ'උන්ට් හැව් මෙනි ෆ්‍රෙන්ඩ්ස් / I haven't got many friends. - අඉ හැව'න්ට් ගොට් මෙනි ෆ්‍රෙන්ඩ්ස්
566. ඔයාගේ පොත මගෙ ලඟ නෙවෙයි. - I don't have your book. - අඉ ඩ'න්ට් හැව් යෝ බුක් / I haven't got your book. - අඉ හැව'න්ට් ගොට් යෝ බුක්
567. ඔයාට ඇතිතරම් කාලය තියෙනවාද? - Do you have enough time? - ඩූ යූ හැව් ඉනෆ් ටඉම් / Have you got enough times? - හැව් යූ ගොට් ඉනෆ් ටඉම්
568. ඔයාට ඉන්නවද කවුරුහරි ඔයාට උදවුකරන්න? - Do you have someone to help you? - ඩූ යූ හැව් සම්වන් ටු හෙල්ප් යූ / Have you got someone to help you? - හැව් යූ ගොට් සම්වන් ටු හෙල්ප් යූ
569. මගෙ ලඟ තියෙනවා ඔයාට පණිවිඩයක්. - I have a message for you. - අඉ හැව' මෙසිජ් ෆෝ යූ / I've got a message for you. - අඉව් ගොට' මෙසිජ් ෆෝ යූ
570. මට තියෙනවා මොකක්හරි අවුලක් මගේ දණහිසේ. - I have something wrong with my knee. / අඉ හැව් සම්තිං රෝං විත් මඉ නී / I've got something wrong with my knee. - අඉව් ගොට් සම්තිං රොං විත් මඉ නී
I + BASE VERB (daily routine)
571. මම අවදිවෙන්නේ 4.30 ට. - I wake up at 4.30. - -අඉ වෙඉකප් ඇට් ෆෝ ත''ටි
572. මම නැගිටින්නේ 4.45 ට විතර. - I get up about 4.45. - අඉ ගෙටප් අ'බඋට් ෆෝ ෆෝටි ෆඉව්
573. මම ඇඳේ වැතිර ඉන්නවා විනාඩි 15 ක් විතර. - I lie in bed for about 15 minutes. - අඉ ලඉ ඉන් බෙඩ් ෆොර'බඋට් ෆිෆ්ටීන් මිනිට්ස්
574. මම ෂව එකක් දාගන්නවා හැමදාම උදේට. - I have a shower every morning. - අඉ හැව' ෂව' එව්රි මෝනිං
575. මම රෙදි මදිනවා දවසක් හැර දවසක්. - I do the ironing every other day. - අඉ ඩූ දි අඉඅ'නිං එව්රි අද' ඩෙඉ
576. මම මගේ ෆෝන් එක හොයනවා මම නැගිට්ටහම. - I look for my phone when I get up. - අඉ ලුක් ෆෝ මඉ ෆ'උන් වෙනඉ ගෙටප්
577. මම මගේ යාළුවන්ට කෝල් කරනවා මට කම්මැලි දැනෙන වෙලාවට. - I phone my friends when I feel bored. - අඉ ෆ'උන් මඉ ෆ්‍රෙන්ඩ්ස් වෙනඉ ෆීල් බෝඩ්
578. මම බාත්රූම් එකට යනවා මම අවදිවුනු ගමන්ම. - I go to the bathroom as soon as I wake up. - අඉ ග'උ ට'ද බාත්රූම් ඇස් සූ නැස් අඉ වෙඉකප්
579. මම රේඩියෝ එක අහනවා රෙදි මදින අතරතුරේ. - I listen to the radio while doing the ironing. - අඉ ලිස්න් ටු ද' රෙඉඩිඅ'උ වඉල් ඩුඉං දි අඉඅ'නිං
580. මම මේක කරන්නේ ගෙදරින් පිටත්වෙන්න කලින්. - I do this before leaving home. - අඉ ඩූ දිස් බිෆෝ ලීවිං හ'උම්
I + BASE VERB (self-introduction)
581. මම ජීවත්වෙන්නේ රත්නපුරේ. - I live in Ratnapura. - අඉ ලිව් ඉන් රත්නපුර
582. මම එන්නේ ශ්‍රී ලංකාවෙන්. - I come from Sri Lanka. - අඉ කම් ෆ්‍රොම් ශ්‍රී ලංකා
583. මම වැඩට යන්නේ බස් එකෙන්. - I go to work by bus. - අඉ ග'උ ටු ව''ක් බඉ බස්
584. මම ඉස්කෝලේ යන්නේ පයින්. - I walk to school. - අඉ වෝක් ටු ස්කූල්
585. මම හිතන්නේ මේක හරි. - I think this is right. - අඉ තිංක් දිස් ඊස් රඉට්
586. මම එකතුකරනවා මුද්දර මගේ විනෝදාංශය ලෙස. - I collect stamps as my hobby. - අඉ ක'ලෙක්ට් ස්ටැම්ප්ස් ඇස් මඉ හොබී
587. මට ඕනි මගේ ඉංග්‍රීසි දියුණුකරගන්න. - I want to improve my English. - අඉ වොන්ට් ටු ඉම්පෲ මඉ ඉංග්ලිෂ්
588. මම සැලසුම් කරනවා පිටරට යන්න. - I plan to migrate. - අඉ ප්ලැන් ටු මඉග්‍රෙඉට්
589. මම සතුටුවෙනවා මගේ රැකියාවෙන්. - I enjoy my job. - අඉ ඉන්ජොඉ මඉ ජොබ්
590. මට පෙන්නන්න බෑ රොක් සංගීතය. - I hate rock music. - අඉ හෙඉට් රොක් ම්යූසික්
I'M + ING (present continuous tense)
591. මම මගේ තාත්තාට උදවුකරකර ඉන්නේ. - I'm helping my father. - අඉම් හෙල්පිං මඉ ෆාද'
592. මම රෑට කකා ඉන්නේ. - I'm having dinner. - අඉම් හැවිං ඩින'
593. මම රෙදි සෝදසෝද ඉන්නේ. - I'm doing the washing. - අඉම් ඩුඉං ද' වොෂිං
594. මම මගේ බබාව බලාගනිමින් ඉන්නේ. - I'm looking after my baby. - අඉම් ලුකිං ආෆ්ට' මඉ බෙඉබි
595. මම ඇඳේ වැතිරී ඉන්නේ. - I'm lying in bed. - අඉම් ලඉං ඉන් බෙඩ්
596. මම ඔයාගේ අත අල්ලාගෙන ඉන්නේ. - I'm holding my hand. - අඉම් හ'උල්ඩිං යෝ හැන්ඩ්
597. මම මගේ යාළුවා එක්ක කථාකරකර ඉන්නේ. - I'm talking to my friend. - අඉම් ටෝකිං ටු මඉ ෆ්‍රෙන්ඩ්
598. මම යතුර හොයහොය ඉන්නේ. - I'm looking for the key. - අඉම් ලුකිං ෆෝ ද' කී
599. මම මේ දවස්වල ඉංග්‍රීසි ඉගෙනගන්නවා. - I'm learning English these days. - අඉම් ල''නිං ඉංග්ලිෂ් දීස් ඩෙඉස්
600. මම ඔයාගේ ලියුම කියවනවා අද රෑට. - I'm reading your letter tonight. - අඉම් රීඩිං යෝ ලෙට' ට'නඉට්
ADVERBS OF FREQUENCY
601. හැමවෙලේම - always - ඕල්වෙඉස්
602. පුරුදුපරිදි - usually - යූෂුඅ'ලි
603. නිතර - often - ඔ'උෆ්න්
604. සමහර අවස්ථාවල - sometimes - සම්ටඉම්ස්
605. ඉඳලා හිටලා - occasionally - අ'කෙඉෂ්න්ලි
606. කලාතුරකින් - rarely - රෙඅ'ලි
607. කවදාවත් නෑ - never - නෙව'
608. මම සමහර අවස්ථාවල එළියට යනවා. - I sometimes go out. - අඉ සම්ටඉම්ස් ග'උ අඋට්
609. මම හැමවෙලේම මස් කන්නේ නෑ. - I don't always eat meat. - අඉ ඩ'උන්ට් ඕල්වෙඉස් ඊට් මීට්
610. ඔයා පුරුදුපරිදි වේලාසනින් අවදිවෙනවද? - Do you usually wake up early? - ඩූ යූ යූෂුඅ'ලි වෙඉකප් අ''ලි
611. මම කලාතුරකින් ප්‍රමාද වෙන්නේ. - I'm rarely late. - අඉම් රෙඅ'ලි ලෙඉට්
612. මම නිතර වේලාසන වෙන්නේ නෑ. - I'm not often early. - අඉම් නොට් අ'උෆ්න් අ''ලි
613. ඔයා පුරුදුපරිදි බස් එකේ ඉන්නවද? - Are you usually on the bus? - ආ යූ යූෂුඅ'ලි ඔන් ද' බස්
614. මම හැමවෙලේම ඔයාට උදවුකරයි. - I will always help you. - අඉ විල් ඕල්වෙඉස් හෙල්ප් යු
615. මට සමහර අවස්ථාවල පුළුවන් මේක පාලනය කරන්න. - I can sometimes control this. අඉ කැන් සම්ටඉම්ස් ක'න්ට්‍ර'උල් දිස්
616. පාඨමාලා දෙකම - both courses - බ'උත් කෝස'ස්
617. එක් එක් අදියර - each stage - ඊච් ස්ටෙඉජ්
618. සෑම හේතුවක්ම - every reason - එව්රි රීස්න්
619. ඕනිම අභියෝගයක් - any challenge - එනි චැලින්ජ්
620. කිසි කාන්තාවක් නෑ - no woman - න'උ වුම'න්
621. තේරීම් දෙකින් එකක් - either option - ඊද' ඔප්ෂ්න්
622. පාඩම් දෙකින් එකක්වත් නෑ - neither lesson - නීද' ලෙස්න්
623. මේ ඔක්කොම ප්‍රශ්න - all these problems - ඕල් දීස් ප්‍රොබ්ල'ම්ස්
624. මගේ දෙමාපියන් දෙන්නම - both my parents - බ'උත් මඉ පෙඉර'න්ට්ස්
625. අපේ ඔක්කොම - all our customs - චාරිත්‍ර ඕල් අඋඅ' කස්ට'ම්ස්
තව වචන - MORE WORDS - මෝ ව''ඩ්ස්
626. වයස/වයසට යනවා - age - එඉජ්
627. පිටුව - page - පෙඉජ්
628. වේදිකාව - stage - ස්ටෙඉජ්
629. කළමණාකරණය කරනවා - manage - මැනිජ්
630. ගමන්මළු - baggage - බැගිජ්
631. ගම - village - විලිජ්
632. නාස්තිය - wastage - වෙඉස්ටිජ්
633. විවාහය - marriage - මැරිජ්
634. වෙලනවා/වෙලුම - bandage - බැන්ඩිජ්
635. හානිය/හානිකරනවා - damage - ඩැමිජ්
ඒක වචන උක්තයන් - SINGULAR SUBJECTS - සිංයුල' සබ්ජෙක්ට්ස්
636. ඔහු - he - හී
637. ඇය - she - ෂී
638. ඌ/ඒක - it - ඉට්
639. මම - I - අඉ
640. ඔයා - you - යූ
641. සමන් - Saman - සමන්
642. තාත්තා - father - ෆාද'
643. මගේ යාළුවා - my friend - මඉ ෆ්‍රෙන්ඩ්
644. යම්කෙනෙක් - someone - සම්වන්
645. යම්කෙනෙක් - somebody - සම්බ'ඩි
646. යම්දෙයක් - something - සම්තිං
647. කවුරුවත් නෑ - nobody - න'උබ'ඩි
648. කවුරුවත් නෑ - no one - න'උවන්
649. මොකුත් නෑ - nothing - නතිං
650. ඕනිකෙනෙක් - anyone - එනිවන්
651. ඕනිකෙනෙක් - anybody - එනිබොඩි
652. ඕනිදෙයක් - anything - එනිතිං
653. හැමකෙනෙක්ම - everyone - එව්රිවන්
654. හැමකෙනෙක්ම - everybody - එව්රිබොඩි
655. හැමදෙයක්ම - everything - එව්රිතිං
656. සෑම ගුරුවරයෙක්ම - every teacher - එව්රි ටීච'
657. එක් එක් සිසුවා - each student - ඊච් ස්ට්යූඩ'න්ට්
658. එකක්/එක්කෙනෙක් - one - වන්
659. එකක්වත් නෑ / එක්කෙනෙක්වත් නෑ - none - නන්
670. ඔවුන්ගෙන් එක්කෙනෙක් - one of them - වන'ව් දෙම්
671. ඔවුන්ගෙන් කවුරුවත් නෑ - none of them - නන'ව් දෙම්
671. මොකක්ද/මොනවද - what - වොට්
672. කවුද/කවුරුන්ද - who - හූ
673. පොත් කියවීම - reading books - රීඩිං බුක්ස්
674. මිනිස්සුන්ට උදවුකරන එක - to help people - ට'හෙල්ප් පීප්ල්
675. සීනි ගොඩක් - a lot of sugar - අ'ලොට'ව් ෂුග'
676. ගමන්මළු ටික - the little baggage - ද' ලිට්ල් බැගිජ්
677. කිරියි පැණියි - curd and treacle - ක''ඩ'න්ඩ් ට්රික්ල්
678. පානුයි බටරුයි - bread and butter - බ්‍රෙඩ'න්ඩ් බට'
679. බතුයි මාළුවයි - rice and curry - රඉස'න්ඩ් කරි
680. මගේ දෙමාපියන් හරි මගේ සහෝදරයා හරි - my parents or my brother - මඉ පෙඉර'න්ට්ස් ඕ මඉ බ්‍රද'
බහු වචන උක්තයන් - PLURAL SUBJECTS - ප්ලූර'ල් සබ්ජෙක්ට්ස්
681. අපි - we - වී
682. ඔයාලා - you - යූ
683. ඔයාලා - you guys - යූ ගඉස්
684. ඔයාලා දෙන්නා - you two - යූ ටූ
685. ඔයාලා දෙන්නම - you both - යූ බ'උත්
686. ඔයාලා ඔක්කොම - you all - යූ ඕල්
687. ඔවුන්/උන්/ඒවා - they - දෙඉ
688. මගේ යාළුවන් - my friends - මඉ ෆ්‍රෙන්ඩ්ස්
689. ඔහුයි ඇයයි - he and she - හී ඇන්ඩ් ෂී
690. නිමලුයි කමලුයි - Nimal and Kamal - නිමල් ඇන්ඩ් කමල්
691. තෙලුයි වතුරයි - oil and water - ඔඉල් ඇන්ඩ් වෝට'
692. පොත් කියවීමයි ටීවී බැලීමයි - reading books and watching TV - රීඩිං බුක්ස් ඇන්ඩ් වොචිං ටීවී
693. මගේ සහෝදරයා හරි මගේ දෙමාපියන් හරි - my brother or my parents - මඉ බ්‍රද' ඕ මඉ පෙඉර'න්ට්ස්
694. ගුරුවරුන්ගෙන් දෙන්නෙක් - two of the teachers - ටූ ඔව් ද' ටීච'ස්
695. මගේ යාළුවන්ගෙන් වැඩිහරියක් - most of my friends - ම'උස්ට'ව් මඉ ෆ්‍රෙන්ඩ්ස්
696. කී දෙනෙක්ද හඋ - how many people - මෙනි පීප්ල්
697. ඔයාලගෙන් කීදෙනෙක්ද හඋ - how many of you - මෙනි අ'ව් යූ
698. බිල් කීයක් විතරද - about how many bills - අ'බඋට් හඋ මෙනි බිල්ස්
699. හරියටම මිනිත්තු කීයක්ද - exactly how many minutes - ඉග්සැක්ට්ලි හඋ මෙනි මිනිට්ස්
700. අපේක්ෂකයින් කීදෙනෙක්ට වඩාද - more than how many candidates - මෝ දැන් හඋ මෙනි කැන්ඩිඩ'ට්ස්
701. අයදුම්කරුවන් කීයකට වඩා අඩුවෙන්ද - less than how many applicants - ලෙස් දැන් හඋ මෙනි ඇප්ලික'න්ට්ස්

Comments
Post a Comment