BLOG 2 - A1 (මූලික මට්ටම) - Activities and Translations (ක්‍රියාකාරකම් හා පරිවර්ථන)
Activity - 1 (පළමු ක්‍රියාකාරකම) - Sound and say the following words (පහත වචන ශබ්දකර කියන්න).
Set 1
at, as, am, an, and, egg, end, elk, elf, in, it, is, if, ink, ill, on, off, odd, up, us
Set 2
cat, bad, dam, rack, pack, back, lack, black, crack, sang, thank, shall, brag, wag, vat, spat, flat, smack, grand, that, chat, clasp, bland, battle, tackle, dazzle, strap, bottle, kettle, apple, try, sky, by, fry, shy
Set 3
nine, kite, like, bike, hike, white, while, tile, time, wine, price, prize, nice, fine, file, crime, wide, smile, shine
Set 4
male, game, wade, spade, grade, blade, chase, space, date, trace, take, bake, frame, shape, crane
Set 5
son, won, ton
Set 6
action, injection, picture, culture, visitor, member, wonder, mother, brother, intake, father, finger, singer, system, anchor, abacus
Activity - 2 (දෙවන ක්‍රියාකාරකම) - Underline 'a' or 'an' (a හෝ an යටින් ඉරක් අඳින්න).
1. a/an bottle (බෝතලයක්) - බොට්ල්
2. a/n ant (කූඹියෙක්) - ඇන්ට්
3. a/an MP (පා.ම. කෙනෙක්) - එම්පී
4. a/an unit (ඒකකයක්) - යුනිට්
5. a/an hour (පැයක්) - අඋඅ'
6. a/an L-plate (එල් බෝඩ් එකක්) - එල් පලෙඉට්
7. a/an document (ලියවිල්ලක්) - ඩොක්යූම'න්ට්
8. a/an union (සංගමයක්) - යූනිඅ'න්
9. a/an umbrella (කුඩයක්) - අම්බ්‍රෙල'
10. a/an university (විශ්වවිද්‍යාලයක්) - යුනිව''සිටි
Activity - 3 (තුන්වන ක්‍රියාකාරකම) - Say these ideas in English (පහත අදහස් ඉංග්‍රීසියෙන් කියන්න).
1. පොතක් කියවන්න. (read - රීඩ්)
2. බිත්තරයක් තම්බන්න. (boil - බොඉල්)
3. පා.ම. වරයෙක් බවට පත්වෙන්න. (become - බිකම්)
4. විශ්වවිද්‍යාලයක් බලන්න යන්න. (visit - විසිට්)
5. බල්ලට කෑමදෙන්න. (feed - ෆීඩ්)
6. ගස් හිටවන්න. (plant - ප්ලාන්ට්)
7. යතුරු ටික ගේන්න. (bring - බ්රිං)
8. ගොඩක් දේවල් කරන්න. (do - ඩූ)
9. බිස්කට් ටිකක් කන්න. (eat - ඊට්)
10. මගේ අම්මට කියන්න. (tell - ටෙල්)
11. මගේ යාළුවන්ගෙන් අහන්න. (ask - ආස්ක්)
12. මේ කොල්ලට උදවුකරන්න. (help - හෙල්ප්)
13. මේ කෙහෙල් ගෙඩි ටික කන්න. (eat - ඊට්)
14. අර කමිසය මිලටගන්න. (buy - බඉ)
15. ඒ බිල් ටික ගෙවන්න. (pay - පෙඉ)
16. එක සිංදුවක් ගයන්න. (sing - සිං)
17. ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න. (answer - ආන්ස')
18. කොල්ලෝ දෙන්නට දඬුවම්කරන්න. (punish - පනිෂ්)
19. පළවෙනි අදියර සම්පූර්ණකරන්න. (complete - ක'ම්ප්ලීට්)
20. යම් චිත්‍රපටියක් නරඹන්න. (watch - වොච්)
21. සමහර රැස්වීම් අවලංගුකරන්න. (cancel - කැන්ස'ල්)
22. බොහොමයක් ඇණවුම් පරීක්ෂාකරන්න. (check - චෙක්)
23. සමාජිකයින් ඔක්කොටම දන්වන්න. (inform - ඉන්ෆෝම්)
24. කසල එකතුකරන්න. (collect - ක'ලෙක්ට්)
25. කෝපි කෝපයක් හදන්න. (make - මෙඉක්)
26. සල්ලි ටික ගන්න. (take - ටෙඉක්)
27. දත්බෙහෙත් එක පාස්කරන්න. (pass - පාස්)
28. ගොඩක් වතුර බොන්න. (drink - ඩ්රිංක්)
29. සල්ලි ටිකක් ඉතිරිකරන්න. (save - සෙඉව්)
30. මේ කුණු ටික සෝදන්න. (wash - වොෂ්)
Activity - 4 (හතරවන ක්‍රියාකාරකම ) - Say these ideas in English (මෙම ප්‍රකාශන ඉංග්‍රීසියෙන් කියන්න).
1. මේසයක් උඩ (on - ඔන්)
2. ඇඳ යට (under - අන්ඩ')
3. මේ ජනේලය ලඟ (near - නිඅ')
4. එක නගරයක් කිට්ටුව (close to - ක්ල'උස් ටු)
5. මුහුද අසල (by - බඉ)
6. මගේ කාමරය ගාවට (next to - නෙක්ස් ටු)
7. මේ පිංතූර ටිකට ඉහලින් (above - අ'බව්)
8. මේ මට්ටමට පහලින් (below - බිල'උ)
9. මගේ කාමරය තුල (in - ඉන්)
10. එක කූඩුවක් ඇතුලේ (inside - ඉන්සඉඩ්)
11. ගොඩනැගිල්ලෙන් එළියේ (outside - අඋට්සඉඩ්)
12. වත්ත වටේට (around - අ'රඋන්ඩ්)
13. චිමිනිය මුදුනේ (on top of - ඔන් ටොප'ව්)
14. මුල්ලක (in - ඉන්)
15. කොනේ (at - ඇට් / on - ඔන්)
16. මේ නගර දෙක අතර (between - බිට්වීන්)
17. අර ගස් ටික අතරේ (among - අ'මං)
18. බස් නැවතුමේ (at - ඇට්)
19. පාරේ (on - ඔන්)
20. මගේ වත්තේ (in - ඉන්)
21. කොරිඩෝවක් දිගේ (along - අ'ලොං)
23. අර පාර හරහා (across - අ'ක්‍රොස්)
24. ඉනිමග ඉහලට (up - අප්)
25. පඩිපෙළ පහලට (down - ඩඋන්)
26. වැටට උඩින් (over - අ'උව')
27. උමගක් තුලින් (through - තෲ)
28. එක කඳවුරක් දෙසට (towards - ට'වෝඩ්ස්)
29. පළවෙනි නගරයෙන් ඈතට (away from - අ'වෙඉ ෆ්‍රොම්)
30. පාරෙන් ඉවතට (off - ඔෆ්)
31. පූල් එක තුලට (into - ඉන්ටු)
32. බෑග් එකෙන් එළියට (out of - අඋට'ව්)
33. කෞතුකාගාරයට මුහුණලා (facing - ෆෙඉසිං / opposite - ඔප'සිට්)
34. මගේ කඩේ ඉස්සරහා (in front of - ඉන් ෆ්‍රන්ට'ව්)
35. ගහ පිටිපස්සේ (behind - බිහඉන්ඩ්)
36. ට්‍රොලිය මතට (on to - ඔන් ටු)
37. සත්තු වගේ (like - ලඉක්)
38. ගුරුවරයෙක් ලෙසට (as - ඇස්)
39. රටක් වශයෙන් (as - ඇස්)
40. පාඩමට කලින් (before - බිෆෝ)
41. පාටියෙන් පස්සේ (after - ආෆ්ට')
42, විවේකය අතරතුරේ (during - ඩ්යූරිං)
43. අවසානය තෙක් (till - ටිල් / අන්ටිල් - until)
44. එක නිලධාරියෙක් එක්ක (with - විද්)
45. පහසුකම් නැතිව (without - විදඋට්)
46. ගමන ගැන (about - අ'බඋට්)
47. රට වෙනුවෙන් (for - ෆෝ)
48. මේ වැඩසටහන සදහා (for - ෆෝ)
49. මේ නීතිය මගින් (by - බඉ)
50. දවස් 03 ක් තිස්සේ (for - ෆෝ)
51. සති දෙකකින් (in - ඉන්)
52. ගිය සතියේ ඉඳන් (since - සින්ස්)
53. මේ වාර්ථා වලට අනුව (according to - අ'කෝඩිං ටු)
54. පාන් වෙනුවට (instead of - ඉන්ස්ටෙඩ'ව්)
55. මේ ප්‍රශ්නයට අමතරව (in addition to - ඉනැඩිෂ්න් ටු)
56. මගේ කාමරය හැර (except - ඉක්සෙප්ට්)
57. මගේ ජොබ් එක වගේ නෙවෙයි (unlike - අන්ලඉක්)
58. මේ බද්දට විරුද්ධව (against - අ'ගෙඉන්ස්ට්)
59. මේ තීරණයට පක්ෂව (for - ෆෝ)
60. මේ තත්වය නිසා (because of - බික'ස'ව්)
Conversation - 1 (සංවාදය 1)
A: හඉ - Hi. - හඉ
B: හඉ - Hi. - හඉ
A: සුභ උදෑසනක්. - Good morning. - ගුඩ් මෝනිං
B: සුභ උදෑසනක්. - Morning. - මෝනිං
A: ඔයාට කොහොමද? - How are you? - හඋඅ' යූ
B: මට හොඳයි. - I'm fine. - අඉම් ෆඉන්
ස්තුතියි. - Thanks. - තැංක්ස්
ඔයාටත් කොහොමද? - And you? - ඇන්ඩ් යූ
A: හොඳයි. - Good. - ගුඩ්
ඔයාගේ නම? - Your name please? - යෝ නෙඉම් ප්ලීස්
B: මම දිනිඳු. - I'm Dinindu. - අඉම් දිනිඳු
ඔයා? - And you? - ඇන්ඩ් යූ
A: මම මෙනුල්. - I'm Menul. - අඉම් මෙනුල්
B: හමුවීම සතුටක්. - Nice to meet you. - නඉස් ට' මීට් යූ
A: ඔයාව හමුවීමත් සතුටක්. - You too. - යූ ටූ
Presentation 1 - (තමන් ගැන හඳන්වාදීමක් කිරීම - Making a Self-introduction) මෙඉකිංඅ' සෙල්ෆ් ඉන්ට්‍ර'ඩක්ෂ්න්
මම මං ගැනම කථාකරන්නද? - Let me talk about myself. - ලෙට් මී ටෝක'බඋට් මඉසෙල්ෆ්
1. මම සෙනෙෂ්. - I'm Senesh. - අඉම් සෙනෙෂ්
2. මට 17 යි. - I'm 17. අඉම් සෙව'න්ටීන්
3. මම ජීවත්වෙන්නේ රත්නපුර. - I live in Ratnapura. - අඉ ලිව් ඉන් රත්නපුර
4. මට ඉන්නවා 5 දෙනෙක් මගේ පවුලේ. - I have 05 people in my family. - අඉ හැව් ෆඉව් පීප්ල් ඉන් මඉ ෆැම'ලි
5. මම සිසුවෙක්. - I'm a student. - අඉම' ස්ට්යූඩ'න්ට්
6. මම ඉන්නේ 11 ශ්‍රේණියේ. - I'm in grade 11. - අඉමින් ග්‍රෙඉඩ් ඉලෙව'න්
7. මම ඉගෙනගන්නේ රත්නපුර මිහිඳු විද්‍යාලයේ. - I study at Mihindu Vidyalaya, Ratnapura. - අඉ ස්ටඩි ඇට් මිහිඳු විද්‍යාලය රත්නපුර
8. මම කැමතියි සංගීතයට. - I like music. - අඉ ලඉක් ම්යූසික්
9. මට පුළුවන් බටනලාව ගහන්න. - I can play the flute. - අඉ කැන් ප්ලෙඉ ද ෆ්ලූට්
10. මට ඉන්නවා ගොඩක් යාළුවන්. - I have a lot of friends. - අඉ හැව'ලොටොෆ් ෆ්‍රෙන්ඩ්ස්
11. මට ඉන්නවා සුරතල් පූසෙක්. - I have a pet cat. - අඉ හැව' පෙට්කැට්
12. මම කාරුණිකයි. - I'm kind. - අඉම් කඉන්ඩ්
13. මම නිහඬ පුදගලයෙක්. - I'm a silent person. - අඉම' සඉල'න්ට් ප''ස'න්
14. මට ඕනි සංගීත ගුරුවරයෙක් වෙන්න. - I want to be a music teacher. - අඉ වොන්ට'බී අ' ටීච'
15. මම ඉංග්‍රීසි ඉගෙනගන්නවා මේ දවස්වල. - I'm learning English these days. - අඉම් ල''නිං ඉංග්ලිෂ් දීස් ඩෙඉස්
ස්තුතියි. - Thank you. - තැංක්යූ
Activity - 5 (පස්වන ක්‍රියාකාරකම ) - පහත නම් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following names in English. - රඉට් ද' ෆොලොඋඉං නෙඉම්ස් ඉන් ඉංග්ලිෂ්
1. සමන්
2. පියල්
3. ගමගේ
4. පැල්මඩුල්ල
5. ඇලපාත
6. පෑබොටුව
7. ඒදණ්ඩවල
8. රූපසිංහ
9. කීරගල
10. චන්දිම
11. චන්ද්‍රගුප්ත
12. මහේෂිකා
13. ශ්‍යාමන්ත
14. කෝසල
15. කෞෂිකා
16. කවුඩුවාව
17. ඌරාපොළ
18. සූරියහෙට්ටි
19. නිකේෂල
20. උපේක්ෂා
21. හෙට්ටිආරච්චි
22. වික්‍රමආරච්චි
23. මොහොට්ටාල
24. ජයවර්ධන
25. මහෞෂධ
26. කිරුළපන
27. ඥානපාල
28. අඹේපුස්ස
29. කරඳන
30. භාතිය
31. ධනේෂික
32. මංචනායක
33. කොළඹ
34. පිටකොටුව
35. කොටුව
36. ගල්කිස්ස
37. කොම්පඤ්ඤ
38. වීදිය
39. අලුත්කඩේ
40. මීගමුව
41.හලාවත
42. මන්නාරම
43. යාපනය
44. අලිමංකඩ
45. පේදුරු තුඩුව
46 බෙංගාල බොක්ක
47. ත්‍රිකුණාමලය
48. මඩකලපුව
49. ගාල්ල
50. තංගල්ල
51. නුවර
52. කෑගල්ල
53. ජෝර්ජ්
54. ස්ටීවන්
55. මයිකල්
56. රීටා
57. මේරි
58. ජෝන්
59. ජෝන්ස්
60. පෝල්
61. ප්‍රනාන්දු
Activity - 6 (හයවන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. උදේ කෑම හදන්න.
2. දවල් කෑම ගන්න.
3. රෑකෑමට කලින්
4. සංගීතය රසවිඳින්න.
5. දේශපාලනය ගැන කථාකරන්න.
6. තාත්තට කියන්න.
7. අම්මා එක්ක
8. සමන්ට උදවුකරන්න.
9. බලංගොඩ වැඩකරන්න.
10. ලන්ඩන් වලින්
11. ලන්ඩන් නගරය ගැන ලියන්න
12. ඇමෙරිකාව බලන්න යන්න.
13. ඇ.එ.ජ. බලන්න යන්න.
14. එංගලන්තයට
15. එක්සත් රාජධානියට
16. සතුට නැතිව
17. සත්තු වගේ
18. ගස් සිටුවන්න.
19. යම්කෙනෙක්ට කියන්න.
20. ඕනිකෙනෙක්ගෙන් අහන්න.
21. කාටවත් බාධාකරන්න එපා.
22. හැමෝටම ආරාධනා කරන්න.
Activity 7 (හත්වන ක්‍රියාකාරකම) - එක් එක් ක්‍රියාපදය ඉදිරියෙන් A, E හෝ S යොදා වර්ගකරන්න. - Write A, E or S against each verb and classify them. - රඉට් හෝ අගෙඉන්ස්ට් ෛඉච් ව''බ් ඇන්ඩ් ක්ලැසිෆඉ දෙම්
A - කරන ක්‍රියා - Action Verbs - ඇක්ෂ'න් ව''බ්ස්
E - සිදුවන ක්‍රියා - Event Verbs - ඉවෙන්ට් ව''බ්ස්
S - තත්ව ක්‍රියා - State Verbs - ස්ටෙඉට් ව''බ්ස්
1. සෙල්ලම් කරනවා - play - ප්ලෙඉ (______)
2. වැටෙනවා - fall - ෆෝල් (______)
3. කැමතියි - like - ලඉක් (______)
4. හදනවා - make - මෙඉක් (______)
5. මැරෙනවා - die - ඩඉ (______)
6. දන්නවා/අඳුරනවා - know - න'උ (______)
7. වැඩකරනවා - work - ව''ක් (______)
8. සිදුවෙනවා - happen - හැප'න් (______)
9. ඕනි - want - වොන්ට් (______)
10. පයින් යනවා - walk - වෝක් (______)
11. ඉහල යනවා - rise - රඉස් (______)
12. අවශ්‍යයි - need - නීඩ් (______)
Activity - 8 (අටවන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. පටන්ගන්න.
2. කමිසයක් මිලටගන්න.
3. තරඟය ගැන කල්පනාකරන්න.
4. පාක් එකට පයින් යන්න.
5. කාගෙන්හරි අහන්න.
6. කෑගහන්න එපා.
7. දුවන්න එපා.
8. සත්තු මරන්න එපා.
9. දොර ලොක්කරන්න එපා.
10. දේශපාලනය ගැන කථාකරන්න එපා.
11. මම උයනවා.
12. මම කෝපි බොනවා.
13. මම දන්නවා හේතුව.
14. මම අඳුරනවා මනුස්සයාව.
15. මට ඕනි දිනන්න.
16. මම බොන්නේ නෑ.
17. මම මස් කන්නේ නෑ.
18. මම එන්නේ කලුතරින් නෙවෙයි.
19. මම කැමති නෑ වොලිබෝල් වලට.
20. මම උගන්වන්නේ ඉංග්‍රීසි නෙවෙයි.
21. ඔයා වැඩකරනවද?
22. ඔයා ඉංග්‍රීසි කතාකරනවද?
23. ඔයා ජීවත්වෙන්නේ ගාල්ලෙද?
24. ඔයාට පෙන්නන්න බැරිද ගණිතය?
25. ඔයා උදවුකරනවාද මිනිස්සුන්ට?
26. මම වැඩකරකර ඉන්නේ.
27. මම ඩ්‍රයිව්කරකර ඉන්නේ.
28. මම උයඋය ඉන්නේ කුස්සියේ.
29. මම යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නේ.
30. මම ට්රිප් එක ගැන කල්පනාකරකර ඉන්නේ.
31. මම ඇහුන්කන් දිදී නෙවෙයි ඉන්නේ.
32. මම නිදියගෙන නෙවෙයි ඉන්නේ.
33. මම ටීවී බලබල නෙවෙයි ඉන්නේ.
34. මම හිටගෙන නෙවෙයි ඉන්නේ බස් එකේ.
35. මම බෝඩ් එක දිහා බලාගෙන නෙවෙයි ඉන්නේ.
36. ඔයා අඬඅඬද ඉන්නේ?
37. ඔයා රෑකෑම හදහදද ඉන්නේ?
38. ඔයා පොල්ල අල්ලාගෙනද ඉන්නේ?
39. ඔයා යම්දෙයක් කරකරද ඉන්නේ?
40. ඔයා ඇඳේ වැතිරීද ඉන්නේ?
Activity 9 - නවවන ක්‍රියාකාරකම - නිවැරදි පුද්ගල සර්වනාම පදය හිස්තැනේ ලියන්න. - Write the correct personal pronoun in the space. - රඉට් ද' ක'රෙක්ට් ප''ස'න්ල් ප්‍ර'උනඋන් ඉන් ද' ස්පෙඉස්
1. කාන්තාව - the woman - ද' වුම'න් (________)
2. රජතුමා - the king - ද' කිං (________)
3. මගේ යහළුවන් - my friends - මඉ ෆ්‍රෙන්ඩ්ස් (________)
4. තාත්තා - father - ෆාද' (________)
5. කුමරිය - the princess - ද' ප්‍රින්සෙස් (________)
6. බබා - the baby - ද' බෙඉබි (________)
7. පිරිමි - men - මෙන් (________)
8. මේ පොත් ටික - these books - දීස් බුක්ස් (________)
9. පිරිමි ළමයා - the boy - ද' බොඉ (________)
10 සිදුවීම දි - the incident - දී ඉන්සිඩ'න්ට් (________)
11. අර සත්තු ටික - those animals - ද'උස් ඇනිම'ල්ස් (________)
12. මගේ සහෝදරිය - my sister - මඉ සිස්ට' (________)
13. පාඩම - the lesson - ද' ලෙස'න් (________)
14. අලියා - the elephant - දි එලිෆ'න්ට් (________)
15. ගමන - the journey - ද' ජ''නි (________)
Activity 10 - දහවන ක්‍රියාකාරකම - පුද්ගල සර්වනාම පද වර්ගකර හිස්තැන් පුරවන්න. - Classify the personal pronouns and fill in the blanks. - ක්ලැසිෆඉ ද' ප''ස'න'ල් ප්‍ර'උනඋන්ස් ඇන්ඩ් ෆිලින් ද' බ්ලැංක්ස්
1. First Person Singular - _____________
2. First Person Plural - _____________
3. Second Person Singular- - _____________
4. Second Person Plural - _____________
5. Third Person Singular - _____________
6. Third Person Plural - _____________
Activity - 11 (එකොලොස්වන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. විදුහල්පතිට ආරාධනා කරන්න.
2. සැලකිලිමත් වෙන්න.
3. බබාව බලාගන්න.
4. ජයග්‍රාහකයෙක් වෙන්න.
5. පොලීසියට දන්වන්න.
6. යතුර හොයන්න/කෝ කියලා බලන්න.
7. ඔයාගේ යාළුවත් එක්ක ඉන්න.
8. ටීවී එක ඔන් කරන්න.
9. ටීවී බලන්න.
10. උඩතට්ටුවේ ඉන්න.
11. ඒ අදහස අත්හැරගන්න.
12. දිගටම පුහුණු වෙන්න.
13. සතුටින් ඉන්න.
14. ඔයාගේ අත්දැකීම ගැන ලියන්න.
15. දිගටම උත්සහාකරන්න.
16. ඉංග්‍රීසි බසට චතුර වෙන්න.
17. ලයිට් එක ඔෆ් කරන්න.
18. මගේ හවුල්කරුවෙන්න.
19. දිගටම තර්කකරන්න.
20. රේඩියෝ එක වැඩිකරන්න.
21. අයන් එක අඩුකරන්න.
22. මෙතන ඉන්න.
23. චාජරය ගලවන්න.
24. හීටරය ගහන්න.
25. එතන ඉන්න.
Activity 12 - Fill in each gap with one of the verbs given below.
turn down, be, make, read, feed, hold, play
1. _______________ breakfast.
2. _______________ the fan.
3. _______________ the newspaper.
4. _______________ a businessman.
5. _______________ the violin.
6. _______________ strong.
7. _______________ the birds.
8. _______________ like a leader.
9. _______________ my hand.
10. _______________ popular.
Activity - 13 (දහතුන්වන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. වැසි සහිත දවසක් (rainy / day)
2. ලේසි වැඩක් (easy / job)
3. පරණ ක්‍රමය (old / method)
4. අලුත් පාඨමාලාව (new /course)
5. වන සතුන් (wild / animal)
6. හිස් බෝතල් ටික (empty / bottle)
7. නැවුම් වාතය (fresh / air)
8. කළු කෝපි කෝප්පයක් (black / coffee)
9. ඉතිරි කෑම ටික (leftover / food)
10. දුඹුරු සීනි එක (brown / sugar)
11. එක වැරදි තීරණයක් (wrong / decision)
12. ඈත පිහිටි ගම් දෙකක් (remote / village)
13. පැහැදිලි පිංතූර තුන (clear / picture)
14. පළවෙනි රන් පදක්කම (gold / medal)
15. මේ පොඩි කාමරය (little / room)
16. මේ ප්ලේන් කමිස හතර (plain / shirt)
17. අර ලොකු කර්මාණ්තශාලාව (big / factory)
18. අර ගඳ මේස් (smelly / sock)
19. මගේ ප්‍රියතම විෂය (favourite / subject)
20. මගේ පිස්සු යහළුවන් (crazy / friend)
21. දුප්පත් පවුල් ගොඩක් (poor / family)
22. ධනවත් මිනිස්සු ටික දෙනෙක් (wealthy / person / people)
23. බරපතල අනතුරු කීයක්ද (serious / accident)
24. කොච්චර නිදහස් ඉඩක්ද (free / space)
Activity - 14 (දහහතරවන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. සැලකිලිමත් වෙන්න. (careful)
2. සැලකිල්ලෙන් පදවන්න. (carefully)
3. ඉවසිලිමත් වෙන්න. (patient)
4. ඉවසිල්ලෙන් ඇහුන්කන්දෙන්න. (patiently)
5. සතුටින් ඉන්න. (happy)
6. සතුටින් ජීවත්වෙන්න. (happily)
7. නිශ්ශබ්ද වෙන්න. (silent)
8. නිශ්ශබ්දව ඇතුල්වෙන්න. (silently)
9. නිහඬ වෙන්න. (quiet)
10. නිහඬව කියවන්න. (quietly)
11. අවංක වෙන්න. (honest)
12. අවංකව ක්‍රියාකරන්න. (honestly)
13. සාර්ථක වෙන්න. (successful)
14. සාර්ථකව සම්පූර්ණකරන්න. (successfully)
15. වේලාසන වෙන්න. (early)
16. වේලාසනින් පිටත්වෙන්න. (early)
17. වේගවත් වෙන්න. (fast)
18. වේගයෙන් පීනන්න. (fast)
19. හරි වෙන්න. (right)
20. හරියට සැලසුම්කරන්න. (right)
21. හොඳ වෙන්න. (good)
22. හොඳින් සැලසුම් කරන්න. (well)
23. මිත්‍රශීලී වෙන්න. (friendly)
24. මිත්‍රශීලීව කථාකරන්න. (in a friendly manner)
25. ලෝභ වෙන්න එපා. (miserly)
26. ලෝභ විධියකට සකස්කරන්න. (in a miserly manner)
Activity - 15 (පහලොස්වන ක්‍රියාකාරකම) - සුදුසු පරිදි පහත වාක්‍ය ලේබල් කරන්න. (Label the following sentences appropriately.)
PC - Present Continuous - කෙටීකාලීන
PS - Present Simple - සාමාන්‍ය
1. මම අම්මට උදවුකරකර ඉන්නේ. (______)
2. මම ටීවී බලන්නේ හවසට. (______)
3. මම මේ සතියේ වැඩට යන්නේ පයින්. (______)
4. මම වැඩට යන්නේ කෝච්චියෙන්. (______)
5. මම මේ දවස් වල නවතථාවක් කියවනවා. (______)
6. මම නවකථා කියවනවා මම නිදහසේ ඉන්න වෙලාවට. (______)
7. මම මේ වාර්ථාව ලියනවා අද රෑට. (______)
8. මම වාර්ථාවක් ලියනවා හැම සතියෙම මගේ රැකියාවේ කොටසක් ලෙස. (______)
9. ඔයා මහත්වෙනවා හැමදාම. (______)
10. ඔයා මහත්වෙනවා ඔයා ගොඩක් කන කොට. (______)
11. මිල ගණන් ඉහල යනවා දවසින් දවස. (______)
12. මිල ගණන් ඉහල යනවා රජය බදු වැඩිකරන කොට. (______)
Activity - 16 (දහසය වන ක්‍රියාකාරකම) - Write the correct verb form in front of the meaning. (තේරුම ඉදිරියෙන් නිවැරදි ක්‍රියාපද ස්වරූපය ලියන්න.)
1. ලියනවා -
2. ලියමින් ඉන්නවා -
3. කරනවා -
4. කරමින් ඉන්නවා -
5. රැකබලා ගන්නවා -
6. රැකබලාගනිමින් ඉන්නවා -
7. උදවුකරනවා -
8. උදවුකරමින් ඉන්නවා -
9. ටීවී බලනවා -
10. ටීවී බලමින් ඉන්නවා -
11. රෙදි සෝදනවා -
12. රෙදි සෝදමින් ඉන්නවා -
13. දවල්ට කනවා -
14. දවල්ට කමින් ඉන්නවා -
15. වැඩට වාහනයෙන් යනවා -
16. වැඩට වාහනයෙන් යමින් ඉන්නවා -
17. ගෙදරට පයින් යනවා -
18. ගෙදරට පයින් යමින් ඉන්නවා -
19. ඉස්කෝලේ යනවා -
20. ඉස්කෝලෙට යමින් ඉන්නවා -
21. ගමක ජීවත්වෙනවා -
22. හෝටලයක නැවතිලා ඉන්නවා -
23. අඳිනවා/පලඳිනවා -
24. ඇඳගෙන/පැලගෙන ඉන්නවා -
25. කමිසයක් ඇඳගන්නවා -
26. යුනීෆෝම් එක ඇඳ ගනිමින් ඉන්නවා -
27. මගේ පිජාමා එක ගලවනවා -
28. මගේ ටයි එක ගලවමින් ඉන්නවා -
29. ඇඳුම් ඇඳගන්නවා -
30. ඇඳුම් ඇඳගනිමින් ඉන්නවා -
31. ඇඳුම් ගලවනවා -
32. ඇඳුම් ගලවමින් ඉන්නවා -
33. කැමතියි -
34. කැමතිවීගෙන එනවා -
35. දන්නවා -
36. දැනහඳුනා ගනිමින් ඉන්නවා -
37. අවශ්‍යයි -
38. අවශ්‍ය වෙමින් තියෙනවා -
39. සූදානමින් ඉන්නවා -
40. සූදානම් වෙමින් ඉන්නවා -
41. ගුරුවරයෙක්ව ඉන්නවා -
42. ගුරුවරයෙක් බවට පත්වෙමින් ඉන්නවා -
Activity - 17 (දාහත්වන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. මම පත්තරේ කියවනවා හැමදාම උදේට.
2. ඔහු මට ෆෝන් කරනවා හැමදාම රෑට.
3. අපි ඉස්කෝලේ යන්නේ පයින්.
4. ඇය ඉගෙනගන්නේ ෆින්ලන්තයේ.
5. ඔයා දන්නවා හැමදෙයක්ම.
6. ඒක ගමන්කරනවා වේගයෙන්.
7. ඔයාලා හිතනවා මම වැරදියි කියලා.
8. ඌ තණ කොළ කනවා.
9. ඔවුන් උදවුකරනවා එකිනෙකාට.
10. සමන් දවල්ට කනවා වේලාසනින්.
11. උන් ජිවත්වෙන්නේ කැළේ.
12. තාත්තා බඩු ගේන්න යනවා හැමසෙනසුරාදාම උදේ.
13. ඒවා දිලිසෙනවා දීප්තිමත්ව.
14. මගේ යාළුවාට පෙන්නන්න බෑ වේලාසනින් අවදිවීම.
15. මගේ යාළුවන් ට්රිප් එකක් යනවා මාස 03 කට සැරයක්.
16. ගුරුවරයා පන්තිය පටන්ගන්නවා හරියටම 8.30 ට.
17. ගස් අපට දෙනවා ආහාරයි ජලයයි.
18. හැමෝටම ඕනි ඉංග්‍රීසි කථාකරන්න.
19. ඔහුයි ඇයයි හැමතැනම යන්නේ බස් එකෙන්.
20. කවුද ඔයාව අවදිකරවන්නේ උදේට?
21. කීදෙනෙක් ජීවත්වෙනවද මේ ගෙදර?
22. මගේ දෙමාපියන් හරි මගේ සහෝදරයා හරි අඳුරනවා අලුත් ගුරුවරයාව.
23. මගේ සහෝදරයාට හරි මගේ මගේ දෙමාපියන්ට හරි ඕනි අලුත් එකක් මිලට ගන්න.
24. කිරියි පැණියි මාර රහයි.
25. වතුරයි පැණියි එකට මිශ්‍ර වෙනවා.
26. පොත් කියවීම මගේ දැනුම පෝෂණය කරනවා.
27. පිහිනීමයි සයිකල් පැදීමයි මාව සෞඛ්‍ය සම්පන්නව තියාගන්නවා.
28. ඕනෑවට වඩා කෝකියන් සුප් එක වනසනවා.
29. ඕනෑවට වඩා නිදහස මිනිසෙක්ව වනසනවා.
30. ඔයාලගෙන් කීදෙනෙක්ට ඕනිද මේ පාඨමාලාව හාදාරන්න?
Activity - 18 (දහ අටවන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. මම නිහඬයි.
2. මම සුදුසුකම් සහිතයි.
3. මම බැඳලා.
4. මට නිදිමතයි.
5. මම මවිතකරවන සුළුයි.
6. මම සූදානම් පරීක්ෂණයට.
7. මම කාරුණිකයි සතුන්ට.
8. මම තෘප්තිමත් මගේ වැටුපෙන්.
9. මම අවුරුදු 25 ක් වයසයි.
10. මම අඩි 05 ක් උසයි.
11. මම විනාඩි 10 ක් පරක්කුයි.
12. මම බෞද්ධ.
13. මම බෞද්ධයෙක්.
14. මම ශ්‍රී ලාංකික.
15. මම ශ්‍රී ලාංකිකයෙක්.
16. මම මස් නොකන්නෙක්.
17. මම තමයි ජයග්‍රාහකයා මේ පාර.
18. මම තමයි මෙතන මැනේජර්.
19. මම ඔයාගේ හවුල්කරු.
20. මම හන්දියේ.
21. මම ගුරුවරයා එක්ක.
22. මට හදිස්සියි.
23. මම එනගමන්.
24. මම මග.
25. මම කරදරේ.
26. මම මෙතන.
27. මම උඩතට්ටුවේ.
28. මම ගෙදර.
29. මම ටීවී බලබල ඉන්නේ.
30. මම මේ මාසේ වැඩකරන්නේ නුවර.
31. මම මේ දවස්වල නවකථාවක් කියවනවා.
32. මම හෙට ආපසු යනවා.
33. මම හැමදාම කෙට්ටුවෙනවා.
34. මම හැමවෙලේම මේ ගේම් එක පරදිනවා.
35. ඔහු තනිකඩයි.
36. ඇය හෙදියක්.
37. ඒක පුටුව යට.
38. ඌ අහිංසකයි.
39. සමන් මාත් එක්ක.
40. තාත්තා පත්තරේ කියව කියව ඉන්නේ.
41. ගුරුවරයා වේලාසනයි අද.
42. අපි සංගීත සංදර්ශණයක් සංවිධානයකරමින් ඉන්නේ.
43. ඔයා තමයි මගේ හැමදෙයක්ම.
44. ඔයාලා ලැජ්ජයි ඉංග්‍රීසි කථාකරන්න.
45. ඔවුන් ඔයා එනකං බලාගෙන ඉන්නේ.
46. සිසුන් ඔක්කොම මෙතන.
48. හැමෝම පරක්කුයි.
49. හැම කෙනෙක්ම වීරයෙක්.
50. කවුද ඔයාගේ කාමරයේ ඉන්නේ?
51 කීදෙනෙක් ඉන්නවද පිට්ටනියේ සෙල්ලම්කරකර?
52. මොකක්ද හරි?
Activity - 19 (දහ නවවන ක්‍රියාකාරකම ) - පහත අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න. - Write the following ideas in English. - රඉට් ද' ෆොලොඋඉං අඉඩිඅ'ස් ඉන් ඉංග්ලිෂ්
1. ඔවුන් ඔයාට ඇහුන්කන් දේවි. / ඔවුන් ඔයාට ඇහුන්කන් දෙන එකක් නෑ. / ඔවුන් ඔයාට ඇහුන්කන් දේවිද?
2. සමන්ට පීනන්න පුළුවන්. සමන්ට පීනන්න බෑ. / සමන්ට පීනන්න පුළුවන්ද?
3. ඇය හෙට ආ යුතුයි. / ඇය හෙට එන්න හොඳ නෑ. / ඇය හෙට එන්න ඕනිද?
4. ඔයා මහන්සියෙන් වැඩකරන්නම ඕනි. / ඔයා මහන්සියෙන් වැඩකරන්නම එපා. / මම මහන්සියෙන් වැඩකරන්නම ඕනිද?
5. ඔවුන් පිටත්වෙනවා වෙලාසනින්. / ඔවුන් වේලාසනින් පිටත්වෙන්නේ නෑ. / ඔවුන් වේලාසනින් පිටත්වෙනවද?
6. ඇය එන්නේ ගාල්ලෙන්. / ඇය එන්නේ ගාල්ලෙන් නෙවෙයි. / ඇය එන්නේ ගාල්ලෙන්ද?
7. මම කාඩ් සෙල්ලම්කරකර ඉන්නේ. / මම කාඩ් සෙල්ලම්කරකර නෙවෙයි ඉන්නේ. / ඔයා කාඩ් සෙල්ලම්කරකරද ඉන්නේ?
8. සමන් හන්දියේ. / සමන් හන්දියේ නෙවෙයි. / සමන් හන්දියේද?
9. ඔවුන්ට කාලය තියෙනවා. / ඔවුන්ට කාලය නෑ. / ඔවුන්ට කාලය තියෙනවද?
10. යතුර ඇය ලඟ. / යතුර ඇය ලඟ නෙවෙයි. / යතුර ඇය ලඟද?
11. මේක සඟරාවක්. / මේක සඟරාවක් නෙවෙයි. / මේක සඟරාවක්ද?
12. සීතලයි. / සීතල නෑ. / සීතලද?

Comments
Post a Comment